පාප් වහන්සේ ලෙස සේවය කීරීමට ප්‍රැන්සිස් පාප් වහන්සේ කොයි තරම් දුරට කැමති ද?
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ අධ්‍යාපනය, සමාජ සාධාරණත්වය, ධර්ම දේශනය ඇතුළු විවිධ දූත සේවාවල ප්‍රමුඛ දූත මෙහෙවරක නියැලී සිටි ජේසු නිකායේ පියතුමෙකි. ජේසු නිකායිකයෝ සිය නිකාය පවුල තුළ පවුලක් සේ සමගිව ප්‍රීතියෙන් ජීවත්වෙති. මේ නිසා තමන් දූත ගමන්වල යෙදෙන රටවල ජේසු නිකායික පියතුමන්ලා සමග නිදහසේ ගතකරන්නට ලැබෙන අවස්ථාවලට සුදොතුම් පියතුමා බොහෝ ප්‍රිය කරයි. පිලිපීන සංචාරයේ යෙදුනු සුදොතුම් පියතුමාට එරට ජේසු නිකායික පියවරුන් වෙනම නිදහසේ මුණගැසීමේ අවස්තාවක් ලබා දී තිබුනේය. 2015 ජනවාරි 16 වනදා සන්ධ්‍යාවේ මැනිලා නුවර අපෝස්තලික තානාපති කාර්යාලයේ දී පිලිපීනය පුරා සේවාව කරන ජේසු නිකායික පියවරු 40 නමක් එතුමන් සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් ගත කළහ. ඊට එක්වූ පියවරුන් පැයක් පමණ වූ මෙම සුන්දර හමුව හඳුන්වා දෙන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එක් වරම සුදොතුම් පියතුමන් ද ජේසු නිකායික පැවිදි සහෝදරයකු ද වූ මොහොතක් ලෙසයි. විවධ කාරනා ගැන අදහස් හුවමාරු වූ මේ හමුව ආරම්භ වූයේ පිලිපීන ජේසු නිකායික පියතුමකු ශ්‍රී ලංකාව අරභයා කල සඳහනකිනුයි. ශ්‍රී ලංකාවේදී සුදොතුම් පියතුමන් පිළිගැනීමට ගුවන් ත