Pope lunches with prisoners in Naples (2015 මාර්තු 22) සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් සෙනසුරාදා ඉතාලියේ නාපොලි නුවර සිර ගෙදරක සිරකරුවන් පිරිසක් සමග දීවා අහාරය ගත්තා. එය බොහෝ හැඟුම් බර අවස්ථාවක් වූ බව වතිකාන වාර්තා පවසනවා. උන්වහන්සේ නාපොලියේ පොග්ගියෝරියාලේ සිරගෙදරට ගියේ නාපොලියේ අපෝස්තලික සංචාරයක යෙදෙන අතරතුරයි. මේ කතාව කියන්නට කලින් එහි ආධ්‍යාත්මික පසුබිම ගැන කෙටියෙන් කිව යුතුයි කියා හිතෙනව. කතාවට ආලෝකයක් ලැබෙන්නෙ එවිටයි. 2013 මාර්තු 19 දා ශු. ජුසේ මුනිඳුන්ගේ දිනයේ සිය "පේදුරු මෙහෙවර" (Peterine Ministry) ආරම්භ කළ ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් සභාවත් ලෝකයත් කතෝලික ජනතාවත් මුහුණ දෙන ගැටළු, අර්බුද සහ අභියෝග දෙස බැලු විට පාප්වහන්සේ ගේ මෙහෙවර යුගෝචිතව කවරාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු දැයි විස්තර කළා. උන්වහන්සේ මෙහි දී ඉදිරිපත් කලේ කළේ ශු. ජුසේ මුනිඳුන් සේ දේව කැමැත්තට අනුව සිය පවුල සුරක්ෂිත කරන පියකුගේ චිත්‍රය සහ නැති වූ, තුවාල වූ, රැලෙන් 'පලා ගිය', රැලෙන් 'එලවා දැමුණු', අතරමං වූ, මං මුලා වූ, බැටළුවන් සොයා යන බැටළු එඬේරකු ගේ ච...