භුමිකම්පාවේ බිහිසුණුකම නේපාල රදගුරු හිමි විස්තර කරයි
“It was frightening”, Nepal Bishop describes the earthquake; “Pray for all those affected,” he pleads භූකම්පනයෙන් බිඳ වැටුණු ගොර්කා ගම්බද ප්‍රදේශයේ නිවසක් - Credit: BBC (2015 අප්‍රේල් 29) "අවට තීබූ ගෙවල් කාඩ්බෝඩ් මෙන් එක මත එක කඩා වැටෙනු මා දැක්කා. එය බොහෝ බියකරු දර්ශනයක්. මිනිස්සු ජීවිතය බේරා ගන්න හිස් ලූ ලූ අත දුවමින් සිටියා. මටත් මගේ ජීවිතය බේරා ගැනීමට දුවන්නට සිදුවුනා." නේපාලයේ රදගුරු තුමන් අප්‍රේල් 25 දා සිදු වූ භුමිකම්පාව ගැන කතෝලික දයා සේවාවක් වන Aid to the Church in Need ආයතනයට ලියු ලිපියක් ආරම්භ කර තිබුනේ එසේය. නේපාලයේ අපෝස්තලික අනුනායක (Apostolic Vicar) පෝල් සිමික් රදගුරු හිමියන් ලියු එම ලිපියේ, නේපාලයට සිදු වූ භුමි කම්පාවේ බියකරු බව සහ එයින් සිදු වී ඇති විනාශය ගැන තොරතුරු රැසක් සඳහන් වේ. සිමික් රදගුරු හිමි සිය ලිපියේ මෙසේ ද කියා සිටියේය: " යලි යලිත් ඇති වන පසු කම්පන නිසා ජනතාව බියට පත් වී සිටිනවා. (මේ දැනුත් පසු කම්පනයක් ඇති වුනා. මටත් ඒ නිසා පිටතට දුවන්නට සිදුවුනා.) මේ අවදානම් තත්වය නිසා ජනතාව තම නිවෙස් වලින් පිට...