ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනයේ නම "වේ ප්‍රශංසා" ?
Have you guessed the Title of Pope's Environmental Encyclical? (2015 ජුනි 1) මේ ඇරැඹුණු ජුනි මාසයේ මැද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිකුත් කිරීමට නියමිත පරිසර විශ්ව ලේඛනයේ නම කුමක්දැයි ඔබට අනුමාන කල හැකි ද? වතිකාන අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වන ඇමෙරිකාවේ "නැෂනල් කැතලික් රිපෝටර්" පුවත් පත පවසන්නේ, පාප් වහන්සේ නමක් විසින් නිකුත් කෙරෙන මෙම ප්‍රථම පරිසර විශ්ව ලේඛනය, ලතින් බසින් ‘Laudato Sii’ නමින් නම් කෙරෙනු ඇති බවයි. ‘Laudato Sii’ යනු පරිසර සාන්තුවරයා ලෙස සැලැකෙන ශු. අසීසියේ ප්‍රැන්සිස් තුමන් විසින් ලියන ලද මැවිල්ලේ පැසසුම් ගීතයෙන් උපුටා ගන්න ලද යෙදුමකි. එම පදය සිය ගීතයේ පුනරුක්තියෙන් යොදන ශු. ප්‍රැන්සිස් අසීසි තුමා හිරු, සඳු, තරු වැනි සියලු දේ මැවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි. එම නම, “Be Praised” හෝ “Praised Be” යනුවෙන් ඉංග්‍රීසි බසට පෙරැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව හෙළ බසින් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය "වේ ප්‍රශංසා" හෝ "ප්‍රශංසා වේ" හෝ ලෙස නම් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. මෙම නම තවමත් නිල වශයෙන් තහවුරු කර න...