"පාර්ලිමේන්තු මැතිවරණවලින් පමණක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා නොවේ" බුරුමයෙන් නැගෙන කතෝලික නායකත්වයේ දිවැසිවර හඬ
"Can Elections alone bring about true democracy?" Asks the Church in Myanmar 2013 ඔක්තෝබර 28 වැනිදා අවුන් සාන් සු කි මහත්මිය වතිකානයේ දී පාප් වහන්සේ හමු වූ අවස්ථාව (2015 ජූලි 24) "පාර්ලිමේන්තු මැතිවරණ පැවැත් වූ පමණින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා නොවේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා කර ගත හැක්කේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ආගමික නිදහස හා විවිධ ආගමික කණ්ඩායම් අතර සංහිඳියාව තහවුරු කිරීම, සුළුතර ජනවාර්ගික කොටස් සමග සහජීවනයෙන් හා සාමයෙන් ජීවත්වීම මෙන්ම සෑම කෙනෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමටත් රැකියාවක් කිරීමටත් අවශ්‍ය අවස්ථා උදා කිරීම වැනි මානව ගරුත්වය තහවුරු කෙරෙන කරුණු සාක්ෂාත් කර ගැනීමෙනි." මෙම ප්‍රකාශය කරන්නේ මියන්මාවේ (බුරුමයේ) යැන්ගොන් පදවියේ අගරදගුරු අති උතුම් චාල්ස් මාවුං බෝ කාදිනල් හිමිපාණෝ ය. පන් ලක්ෂයක් පමණක් - එනම් සමස්ත ජනගහනයෙන් සියයට එකක් පමණක් - වන කතෝලික ජනගහනයක් වෙසෙන මියන්මා දේශයේ ඉතා පුංචි කතෝලික සභාවේ නායකයා වන බෝ කාදිනල් හිමිපාණන් මෙම ප්‍රකාශය කර ඇත්තේ, ලබන නොවැම්බර මාසයේ පැවැත්වීමට නියමිත එරට ප්‍රථම "නිදහස්" මැතිවරණය හා රටේ ඉදි...