වැළඳගැනීම, අගය කිරීම සහ ඉගිලෙන හාද්ද : පාප්වහන්සේ ඇමෙරිකාවේ සිරගෙදරදී දුන් සංඥාව
Caress, Thumbs-up and a Flying Kiss : Pope signs in Philadelphia prison පාප් වහන්සේ පිලදෙල්පියා බන්ධනාගාරයේ දී (2015 සැප්තැම්බර් 30) "හිරගෙදර" කිව්වාට ඒක 'ගෙදරක්' නොවේමය. 'ගෙදර' යන්නේ අදහස 'නිවස' නමැති බිල්ඩිම නොවේය. ඒ නිවස තුළ වෙසෙන්නන් ය. ගෙදර කියන්නේ ඒ නිවසේ වෙසෙන්නන් තුළ එකිනෙකාට ඇති ආදරය, ගෞරවය, බෙදා ගැනීම, එකෙකු ගේ නෙතේ කඳුලක් එන විට සියල්ලන්ගේ සිත් තෙත් වීම, එකෙක් ජයක් ලබන විට හැමෝටම ජයග්‍රහණයේ සතුටින් පුපුරා යාම වැනි විව්ධාකාරයෙන් ආදරය හා බැඳීම එකතු වූ තැන ය. "ගෙදර යනවා" කී විට අප හදවත්වලට විස්තර කල නොහැකි සතුටක් දැනෙන්නේ ඒක ය. "හිර ගෙදර" යනවා කියද්දී අපේ හිතට එහෙම ආදරබර සිතිවිල්ලක් කිසිසේත් එන්නේ නැත. එය කිසිසේත් සුන්දර තැනක් නොවේමය.(ඉතින් කවුරු ඒකට 'හිරගෙදර' කියන නම දැම්මාද දන්නේ නැත. ) මේ ප්‍රවිෂ්ටය කිවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජනපදයේ ගත කල අවසන් දිනයේ කළ තවත් කාර්යයක් ගැන කියන්නට ය. එනම් "හිර ගෙදර" ඇත්තන් "ගෙදරකට" යවන්නේ කෙසේ දැයි එතුමා පෙන්නුවේය. කියා දුන්නේ ය. ...