"අවි විසිකරමු; ආදරයෙන් සන්නද්ධ වෙමු" පාප් වහන්සේගෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජ ජනතාවට ඇරැයුම්
Lay down weapons; Arm yourselves with love and mercy" Pope message to Central African Republic පාප් වහන්සේ බෙන්ගී ආසන දෙව්මැදුරේ ශුද්ධ ද්වාරය විවෘත කල අවස්ථාව (2015 නොවැම්බර 30) " බෙන්ගී නගරය අද ලෝකයේ ආධ්‍යාත්මික අගනුවර බවට පත්වෙනවා" යැයි බෙන්ගුයි පදවියේ ආසන දෙව්මැදුරේ පිහිටුවන ලද ශුද්ධ ද්වාරය විවෘත කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ. ශුද්ධ ද්වාරයක් විවෘත කෙරෙන්නේ කතෝලිකයන්ගේ ශුද්ධ වසරක් හෙවත් ජයන්ති වසරකදීය. ශුද්ධ ද්වාරයේ අරමුණ විශ්වාසිකයිනට ගැලවීම ලබා ගැනීම සඳහා "අතිවිශේෂ මාර්ගයක්" ලබා දීමයි. මෙම දොරටුවෙන් ඇතුළුවන විශ්වාසිකයනට ගැලවීමේ ඵල (පූර්ණ ඵල) ලබා ගත හැකිය. ඉතිහාසයේ මෙතෙක් පැවැති ශුද්ධ වසර වලදී සාම්ප්‍රදායික වශයෙන් ශුද්ධ දොරටු පැවැතියේ රෝමයේ ප්‍රධාන දෙව්මැදුරු පහේ පමණි. එහෙත් මෙම දොරටුව හා සම්බන්ධ දේවධාර්මික පදනමට වඩාත් ගැඹුරු අරුතක් දෙමින් 2016 ශුද්ධ වසරේදී ලොව පුරා සෑම රදගුරු පදවියකම ශුද්ධ දොරටුවක් පිහිටුවන්නැයි පාප් වහන්සේ සියලුම රදගුරු හිමිවරුනට උපදෙස් දුන්හ. ඒ මගින් රෝමයට පැමිණිය නොහැකි සෑම කතෝලිකයකුටම තමාට සමීපතම දො...