ප්‍රැන්සිස් පාප් වහන්සේ භාවනා කළ ප්‍රැන්සිස් අසීසි තුමාගේ පරිසර අනිමිසලෝචනය
Pope Francis' meditation on St. Francis' intimate relationship with the nature (2015 දෙසැම්බර 31) 2016 උදා විය. නව වසරක උදාව අපට මතක් කර දෙන්නේ අපේ සුන්දර සොබා දහම හා එහි අසමසම මැවුම් කාරයාණන්වහන්සේ ය. එසේම මේ සුන්දර නිර්මල සොබා දහම ආරක්ෂා කිරීමේ වගකීම එහි මැවුම්කරු දෙවියන් වහන්සේ විසින් අපට පවරා දී ඇති බව නව වසර අපට මතක් කර දෙයි. සොබා දහම ආරක්ෂා කිරීම අරමුණු කරගත් අතිශය වැදගත් සිද්ධි දෙකක් ඉකුත් වසරේ දී සිදුවිය. ඉන් පළමුවැන්න පාප් වහන්සේ නමක් විසින් ලියන ලද පරිසර විශ්ව ලේඛනය "Laudato Si" හෙවත් "ප්‍රශංසා වේ", සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු ලැබීමය. එය කිතුනු නායකත්වය සහිත රටවලට බලපෑම් කල ලේඛනයක් විය. පැරිස් නුවර පැවැති ජගත් සංවිධාන කාලගුණ සමුළුවේදී පරිසර දූෂණය පාලනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමේ සම්මුතියකට ඒමට ලෝක නායකයන් පෙළඹවීමට එය සමත් විය. පාප් වහන්සේ සිය "වේ ප්‍රසංසා" විශ්ව ලේඛනය මගින් පෙන්වා දුන්නේ පරිසර ගරුත්වය හා මානව ගරුත්වය එකම කාසියේ දෙපැත්ත බවයි. මානවයා නොරැක,පරිසරය රැකිය...