"මා වෙනුවෙන් යාච්ඥා කරන්න" ඉරාන ජනපති පාප් වහන්සේගෙන් ඉල්ලයි
"Pray for me"- Rouhani tells the Holy Father (2016 ජනවාරි 27) ඉරාන ජනාධිපති හසන් රුහානි අඟහරුවාදා වතිකානයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසුනේ ය. ඉරාන ජනාධිපතිවරයා වතිකානයට පැමිණියේ යුරෝපයේ නිල සංචාරයක යෙදෙන අතරයි. මුලින්ම ඉතාලියට පැමිණි ඔහු එරට ජනාධිපති අගමැති ඇතුළු නායකයන් සමග සාකච්ඡා පැවැත්වීය. මීළඟට ඔහු ප්‍රංශයට යාමට නියමිතයි. ඉරාන නායකයා මෙම යුරෝපා සංචාරයේ යෙදෙන්නේ එරට විසින් න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල අත්හැර දැමීමට ප්‍රතිචාර වශයෙන් යුරෝපයෙන් ලැබෙන සංවර්ධන හා වෙළෙඳ ආධාර ලබා ගැනීමේ අරමුණෙනි. මෙම සංචාරයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 20කට ආසන්න ආධාර ප්‍රමාණයක් ලබා ගැනීමට ඉරානය අපේක්ෂා කරයි. න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා යුරෝපය හා ඇමෙරිකාව විසින් පනවන ලද ආර්ථික සම්බාධක නිසා ඉරානයේ ආර්ථිකය බොහෝ සෙයින් බිඳ වැටී තිබිණ. ඉරාන නායකයාගේ මෙම මෙම නිල සංචාරය ඉතාලියෙන් ඇරඹීම තුළ වැදගත් වෙළෙඳ අරමුණක් ඇති අතර පාප් වහන්සේ මුණගැසීම ඉහල රාජ්‍යතාන්ත්‍රික වැදගත්කමක් දරන්නේ ය යන්න විශ්ලේෂකයන්ගේ මතයයි. ජනවාරි 26 වැනිදා ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජ