සුවය ලබන මතට ඇබ්බැහිවූවන් සමග ගත කළ සිකුරාදාව
Pope Francis spends a day with people in drug and alcohol recovery සුදොතුම් පියතුමා ආයතනයේ නිවැසියන් සමග යාච්ඥා කල අවස්ථාව (2016 පෙබරවාරි 29) දයාවේ වසර වෙනුවෙන් සිය මාසික දයාවේ ක්‍රියාව ඉටුකරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙබරවාරි 26 සිකුරාදා බැහැදැකීමට ගියේ රෝමයේ පිහිටි මත්ද්‍රව්‍ය සහ මත්පැනට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයකටය. එතුමා එදින බැහැදුටු "ගරු මාරියෝ පිච්චි ඉතාලි සහෝදරත්ව මධ්‍යස්ථානය", ගරු පිච්චි පියතුමන් විසින් 1979 දී ආරම්භ කරන ලද ආයතනයකි. මෙම මධ්‍යස්ථානය තරුණයන් සහ පවුල්, කොන්කිරීමටත් සමාජයෙන් බැහැර කරනු ලැබීමටත් වීරුද්ධව පෙරමුණ ගෙන කටයුතු කරන ආයතනයක් ද වේ. තරුණ සහ මැදිවියේ මතට ඇබ්බැහි වූවෝ මෙහි කාර්ය මණ්ඩලයේ ආදරය හා සෙනෙහස තුළ සුවය අත්විඳිති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිච්චි සහෝදරත්ව ආයතනයට ගියේ කිසිවකුටත් නොදන්වා, තනිව (සිය සහායකයන් හෝ නොමැතිව) හදිසියේය. එතුමා සමග සිටියේ දයාවේ වසරේ පිළිවෙත් හා වැඩසටහන් සංවිධාන කරන නව ධර්මදානය පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානී රයිනෝ ෆිසිශේල්ලා අගරදගුරු හිමිපාණන් පමණි. මෙම ගමන ගැන මාධ්‍යවේදී...