ඇතැම් රටවලට දෙව්මැදුරු "තිළිණ කරන බව" කියන චීනයේ සැබෑ "කිතු දහම් ප්‍රේමය": කිතුනු කතක් පණ පිටින් වලලා දැමේ
A Christian woman bulldozed to death in China (2016 අප්‍රේල් 29) ශ්‍රී ලංකාවේ කතෝලික සභාව 'බැටළුවන්' නොහොත් 'කිතුනු හිතවාදී දානපතීන්' ලෙස හඳුනාගෙන සිටින චීන ආණ්ඩුව සිය රටේ කිතුනුවන් කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්තිය එරට තුළ දිනෙන් දින සිදුවෙමින් පවතින සිදුවීම වලින් තහවුරු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට බැසිලිකා දෙව්මැදුර ප්‍රතිසංස්කරණය "චීන රාජ්‍යයේ තිළිණයක්" ලෙස දෙන බව කියන චීන රජය, ක්‍රම ක්‍රමයෙන් සිය රටේ කිතුනු දෙව්මැදුරු බිමට සමතලා කරමින් සහ කිතුනුවන්ට පීඩා කෙරෙන නව නීති හඳුන්වා දෙමින් සිටියි. ඊට විරෝධය දක්වන කිතුනුවන් පණ පිටින් වලලා දැමීමට වුව ද බලධාරීහු පසුබට නොවෙති. මේ සම්බන්ධ අලුත්ම ප්‍රවෘත්තිය වාර්තා වන්නේ මධ්‍යම චීනයේ හේනා පළාතේ ෂුමාඩියාන් නගරයෙන් බව එම සිද්ධිය වාර්තා කරන කතෝලික ප්‍රවෘත්ති ඒජන්සිය කියයි. එම නගරයේ බීටු කිතුනු දෙව්මැදුර අත්පත් කරගැනීමට රජයට අයත් ප්‍රාදේශීය සංවර්ධන ආයතනයකට අවශ්‍යව තිබිණ. මේ අනුව එම දෙව්මැදුර කඩා ඉවත් කිරීම රජයට අයත් බිඳහෙළීම් සමාගමකට පවරනු ලැබිණ. එම සමාගමේ බිඳහෙළීම් කණ්ඩායමක් දෙව්මැදුර සමතලා කිර