"දුවේ පුතේ, අද (ජුනි 1) සාමය වෙනුවෙන් යදින්න එක් වන්න" සුදොතුම් පියතුමා ලොව පුරා දරුවන්ගෙන් ඉල්ලයි
"Dear Children, Join the Syrian Children today to pray for peace" සුදොතුම් පියතුමා ග්‍රීසියේ ලෙස්බොස් දුපතේ දී සිරියාවෙන් පලා එන්නට සිදු වූ පුංචි පුතෙකු වැළඳ ගත් මොහොතක් (2016 මැයි 31) ආදර දුවේ පුතේ, අද ජුනි පළමු වැනි දා, ඔයාලාගේ දිනය යි. එනම්, ජාත්‍යන්තර ළමා දිනය යි. අද දවස යුද්ධය නිසා සිය ළමා කාලයත් අධ්‍යාපනයත් අහිමිව සිටින සිරියාවේ ඔයාල වගේ අයියලා, මල්ලිලා, අක්කලා නංගිලා වෙනුවෙන් යාච්ඥා කරන්න යොදා ගන්න කියා, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටිනවා. තනිකරම බල ලෝභයේ ප්‍රතිඵලක් ලෙස සිරියාවේ වැඩිහිටියන් ආරම්භ කරපු යුද්ධය නිසා වැඩියෙන් ම දුක් විඳින්නේ ඒ රටේ ඔයාල වගේ මල් කැකුළු. ළමයින් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට හැමදාම වෙඩිවලින්, බෝම්බ වලින් බේරෙන්නට තැන තැන දුවන්න වෙලා. උන්හිටිතැන් අහිමි වෙලා. සරණාගතයන් වෙලා. ඊටත් වඩා දවස් පතා තවත් ළමයින් විශාල සංඛ්‍යාවක් බෝම්බ ප්‍රහාරවලින් මිය යනවා. දරුණු ලෙස තුවාල ලබනවා. "ජුනි පළමුවැනි දා ලොව පුරා සෑම තැනකම සිරියාවේ ළමයින් වෙනුවෙන්, සාමය වෙනුවෙන් යාච්ඥා කරන්න" කියා ගිය ඉරිදා (මැයි 29) තේවාචාරීතුමන් ලාගේ ජුබිලි...