"කිතුනු සභා අතර පූර්ණ එක්සත්කම කරා වේගයෙන් දුව යමු": ආමේනියා ඕතඩොක්ස් නායකයන් ගෙන් කල ඉල්ලීම
"Let's race towards full communion:" Pope tell s Armenian Church leaders සුදොතුම් පියතුමා සහ කතෝලිකොස් තුමා මේ ගමනේ සිහිවටනයක් ලෙස පැළයක් සිටුවති (2016 ජුනි 29) ඉතිහාසයේ දී විවිධ ලෞකික හේතු මත වෙන්වූ සභා යළි එකමුතු වීම කඩිනම් කිරීම සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අංක එකේ ප්‍රමුඛතාවකි. එතුමා ඉකුත් සති අන්තයේ (2016 ජුනි 24-26) ආමේනියාවේ තෙදින අපෝස්තලික සංචාරයක නිරත වූයේ එම ප්‍රමුඛ අරමුණ ඇතිවය. එහිදී එතුමා ඉඟියෙන්, කතාවෙන් හා ක්‍රියාවෙන් ද මෙම ඒකත්වය වෙනුවෙන් කටයුතු කළේය. තුන් මිලියනයක් පමණ වන ආමේනියාවේ ජනගහනයෙන් සියයට 95ක් ම ක්‍රිස්තු භක්තිකයෝ ය. මෙම සමස්ත කිතුනු ජනගහනයෙනුත් සියයට 92 ක් ම අයත් වන්නේ ආමේනියාන අපෝස්තලික සභාවටයි. ඕතඩොක්ස් සභාවක් වන ආමේනියාන අපෝස්තලික සභාව සෙසු පෙරදිග ඕතඩොක්ස් සභා සමග සම්බන්ධ වී සිටියි.එම සභා සහ කතෝලික සභාව අතර සංවාදය දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම සංවාදවල අවසන් අරමුණ වී තිබෙන්නේ සියලු සභා එක් පවුලක් බවට පත්වීමයි. මෙම සංචාරයේ දී ආමේනියා අපෝස්තලික සභාවේ ශ්‍රේෂ්ඨ පේත්‍රියාක් දෙවැනි කැරෙකින් කතෝලිකොස් තුමා සහ සුදොතුම් පියතු