මීළඟ යොවුන් දිනය 2019 පැනමාවේ දී
Next WYD in Panama in 2019 (2016 ජූලි 31) 2019ට යෙදෙන මීළඟ ජගත් යොවුන් දිනය පැවැත්වෙන්නේ දී පැනමාවේ දී ය. මේ බව යොවුන් දින මංගල්‍ය දිව්‍යපූජාවෙන් අනතුරුව පැවැති තුන්කාල ආරාධනා යැදුමට පෙර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිවේදනය කළේය. "පදවි මට්ටමින් පැවැත්වෙන යොවුන් දින දෙකෙන් පසුව, මීළඟ ජගත් යොවුන් දිනය පැනමාවේදී පැවැත්වෙන බව මා ඉතා සතුටින් දැනුම් දෙනවා " සුදොතුම් පියතුමා කියා සිටියේ ය. මේ මොහොතේ "දයා කරුණා කඳවුරේ" සිටි පැනමා තරුණ නියෝජිත කණ්ඩායම ප්‍රීතියෙන් ඉපිලී යනු දක්නට ලැබිණි. පැනමාවේ ජනාධිපති හුවාන් කාර්ලොස් වරේයා මහතා ද තරුණ රැලියේ ඉදිරියේම සිට දිව්‍ය පූජාවට සහභාගිවෙමින් සිටියේ ය. එවෙලේ ම පෝලන්ත ජනාධිපතිවරයා පැනමා ජනපති වැළඳගෙන සුබ පතනු දක්නට ලැබිණ. සාමාන්‍යයෙන් මීළඟ ජගත් තරුණ දිනය පැවැත්වෙන ස්ථානය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. එතෙක් එය රහසක් ලෙස තබා ගැනීමට එහි සංවිධායකත්වය භාරව සිටින සියලු අංශ සැලකිලිමත් වෙති. මීළඟ යොවුන් දිනය අප්‍රිකාවේ හෝ ආසියාවේ පැවැත්වෙනු ඇති බවට කටකතා පැතිර යමින් තිබිණි. මේ නිසා එය පැනමාවේ පැවැත්වීමට තීරණය කිරීම සිය...