රෝමයේ ගෙදරක් නැති ජනයාගේ ග්‍රීෂ්මය නිවන්න මුහුදේ 'ස්වීම්' එකක් සමග පීට්සා රෑ කෑම වේලක්: සුදොතුම් පියතුමා ගේ අනුග්‍රහයෙන්
A swim in the sea and a Pizza dinner: Another Papal gift to Rome's Homeless ගෙදරක් නැති ජනයා සුදොතුම් පියතුමා හමු වූ මොහොතක් (2016 අගෝස්තු 17) මුහුදේ 'ස්විම්' එකක් දාල, 'පීට්සා ඩිනර්' එකක් ලැබුනොත් කොහොමද? හිතන්න මුහුදු වෙරළට යන "ට්‍රිප්' එකේ ඔබව ගෙන යන වෑන් එකේ රියැදුරු අගරදගුරු තුමෙක් කියල? හිතා ගන්නත් බැහැ නේද? ප්‍රැන්සිස් සුදොතුම් පිය සමයේ රෝමයේ මේ කතාව දැන් ඇත්තටම සිදුවෙනවා. හැබැයි, කතන්දරේ හෙළිදරව් වුනේ මේ සිද්ධිය පටන් ගෙන හුඟ කලක් සිදු වුනාට පස්සේ ය. මේ යුරෝපයේ ග්‍රීෂ්ම රිතුවයි. ඉතාලියේ ග්‍රීෂ්ම ඍතුව බොහෝ උණුසුම් ය. මේ නිසා බොහෝ ඉතාලි වාසීහු සිය නිවෙස්වලින් පිටමංව ටිකක් සිසිලස ඇති පෙදෙස්වල චාරිකා කරති. ඔවුන් බොහෝ ප්‍රිය කරන්නේ මුහුදු වෙරලට ගොස් පීනන්නට ය. එහෙත් ජීවත් වන්නට ගෙදරක් නැති, අතේ සතේ නැති රෝමයේ "ගෙදරක් නැති" (Homeless) ප්‍රජාවට නම් මේ වාසනාව මෙතෙක් ලැබී තිබුනේ නැත. කෙසේ නමුත්, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ වසරේ ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් උදා කරදී තිබේ. මේ අනුව රෝමයේ "ගෙදරක් නැති ජනතාවට" මේ දිනවල මුහු