ළදරු රෝහලක සහ ගිලාන ශාලාවක නිවැසියන් වෙත ගලා ආ සුදොතුම් පිය සෙනෙහස
Holy Father's 'Mercy Friday' visit to Neonatal Hospital and the Hospice (2016 සැප්තැම්බර් 17) සැප්තැම්බර් 16 වන සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මේ මාසයේ "දයාවේ සිකුරාදා" විය.මෙම දයාවේ වසරේ මාසයක එක සිකුරාදාවක් 'දයාවේ සිකුරාදා' ලෙස වෙන්කරන සුදොතුම් පියතුමා එදින කිසියම් ආධ්‍යාත්මික හෝ ශාරීරික දයාවේ ක්‍රියාවක නිරතවෙයි. මේ දිනයේ එතුමා බොහෝ විට කරන්නේ සමාජයෙන් බැහැර කරන ලද හෝ දුකට හෝ පීඩාවට පත් වූ ජනකොටස් බැහැදකින්නට යාමය. සැප්තැම්බර 16 වන සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගියේ රෝමයේ නවජ රෝහලක් (Neonatal Hospital: රෝගී තත්ත්ව සහිතව හෝ නියමිත කාලයට කලින් උපත ලැබූ ළදරුවන් සිටින රෝහලක්) සහ පිළිකා වැනි මාරාන්තික රෝග වලින් පීඩා විඳින රෝගීන් රැක බලා ගන්නා ගිලාන ශාලාවක් (Hospice) බැහැදකින්නට ය. එතුමා මුලින් ම ගියේ ශාන්ත ජුවාම් රෝහලටයි. එතුමා එහි නවජ එක්කයේත් හදිසි සේවා වාට්ටුවේත් ප්‍රතිකාර ලබන ළදරුවන් බැහැදුටුවේය. මෙම හදිසි සේවා ඒකකයේ ළදරුවෝ 12 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබති. ඒ අතරින් නිවුන් දරු දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකුගේ තත්වය බරපතල ය. ඔව