දරුණු නියඟය නිසා වතිකානයේ දිය පොකුණුත් 'වියලී' යයි
Vatican's cascading fountains 'go dry' as the City State takes steps to face the drought වියැළුණූ පොකුණු (2017 ජූලි 30) දශක ගණනාවකට පසුව වතිකානයත් දරුණුම නියඟයකට මුහුණ දී සිටියි. මේ හේතුවෙන් වතිකාන පුර රාජ්‍යයට ලැබෙන සීමිත ජලය සංරක්ෂණය කර ගැනීමේ අරමුණින් වතිකාන පුරවරය සුන්දර කරන 100කට ආසන්න දිය පොකුණු (fountains ) වසා දැමීමට වතිකාන ආණ්ඩු කාර්යාලය පියවර ගෙන තිබේ. දැනට පවතින දැඩි නියඟය නිසා ජලය ආරක්ෂා කර ගැනීමේ පියවර ගැනීමට නගර රාජ්‍යයට සිදු වී ඇතැයි ඉකුත් 25 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වතිකාන ආණ්ඩු කාර්යාලය කියා සිටියේ ය. මේ අනුව සාන්ත පීතර චතුරශ්‍රය, වතිකාන උද්‍යාන ඇතුළු සිය දේශ සීමාව ඇතුළත පවතින සියලු පොකුණු අක්‍රීය කිරීමට පියවර ගත බව එම කාර්යාලය නිවේදනය කලේය. "මෙම තීරණය ගන්නා ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඉගැන්වීම් වලට අනුකූලවයි" යයි එම නිවේදනයේ සඳහන් වේ. " ' ජලය, මානව ජීවිතයටත් භෞමික සහ ජලජ පරිසර පද්ධතිවල පැවැත්මටත් අත්‍යවශ්‍යම සාධකයක් බව එතුමන් ගේ 'වේ ප්‍රශංසා' පරිසර විශ්ව ලේඛනයේ සඳහන් වේ. පානීය ජලය අතිශය වැදගත්කමින්...