"දිව්‍ය පූජාව පිලිබඳ දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකියි": සුදොතුම් පියතුමා අවධාරණය කරයි
Holy Father is emphatic: "Reforms of Vatican II 'Irreversible'" (2017 අගෝස්තු 29) ජනවන්දනාව (දිව්‍ය පූජා යාගය) සම්බන්ධයෙන් දෙවන වතිකාන කතිකාවේ දී ඇතිකරන ලද ප්‍රතිසංස්කරණ යළිත් වෙනස් කල නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එම ප්‍රතිසංස්කරණ ගැන යළි සිතා බැලීමට උත්සාහ දරනු වෙනුවට කතෝලික සභාව කල යුත්තේ එම ප්‍රතිසංස්කරණ තේරුම් ගැනීමටත් ඒවා සිදුකරන ලද්දේ මන්ද යන්න වටහා ගැනීමටත් නොකඩවා කටයුතු කිරීම යයි එතුමා කියා සිටියේය. "මෙම උපදේශයෙන් පසුව, (වතිකාන කතිකාවෙන් පසුව පැමිණි) මෙම දීර්ඝ ගමනින් පසුව, ජනවන්දනා ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකි බව අධිකාරී ගුරු බලයෙන් යුතුව සහ නිශ්චිතවම අපට තහවුරු කළ හැකියැ" යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "දෙවන වතිකාන කතිකාවේ ප්‍රතිසංස්කරණ යළි සලකා බලනු වෙනුවට පූජකවරුන් හා දේවවන්දනාවේදීන් කල යුත්තේ, දේවවන්දනාව ප්‍රතිසංස්කරණය කිරීමට ගත් තීරණ යළි අනාවරණය කර ගැනීමයි; එම තීරණවලට පදනම් වූ දේව අනුප්‍රානීය ප්‍රතිපත්ති ආත්ම ගත කර ගැනීමයි; එසේම ඒවා පාලනය කෙරෙන විනය නීති අනුගමනය කිරීමයි" යයි එතුමා සඳහන් කළේ