සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ මහා සංඝරත්නය හමුවෙයි; "සංස්කෘතික, වාර්ගික සහ ආගමික ජනකොටස් අතර ඇතිවූ ගැටුම් වලින් හටගත් තුවාල සුවපත් කිරීම සඳහා එක්සත්ව කටයුතු කරමු": උන්වහන්සේලාගෙන් ඉල්ලයි
Pope appeals to Buddhists and Catholics in Myanmar: "Be united to surmount all forms of misunderstanding, intolerance, prejudice and hatred.” පාප් වහන්සේ අති පූජ්‍ය ආචාර්ය බුද්ධන්ත කුමාරාභීවංශ මහානායක ස්වාමීන් වහන්සේට ආචාර කළ අවස්ථාව (2017 නොවැම්බර 29) "කාලාන්තරයක් පුරා විවිධ සංස්කෘතික, ජනවාර්ගික සහ ආගමික ජනකොටස් අතර ඇතිවූ ගැටුම් වලින් හටගත් තුවාල සුවපත් කිරීම සඳහා එක්සත්ව කටයුතු කරන්නැයි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්යන්මාවේ බෞද්ධ සහ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම එක්සත් කම හා සමගිය ඇතිකරගැනීම සඳහා "සියලු ආකාරයේ වැරදි වටහා ගැනීම්, නොරිස්සීම්, පූර්ව විනිශ්චයන් සහ වෛරය ජයගත යුතුව ඇති බව" එතුමා පෙන්වා දෙයි. මේ වන විට ම්‍යන්මාවේ අපෝස්තලික ගමනක යෙදී සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ එරට මහා සංඝරත්නයට නායකත්වය දෙන රාජ්‍ය කමිටුවේ නායක ස්වාමීන්වහන්සේ හමු වූ අවස්ථාවේය. මෙම හමුවට රාජ්‍ය බෞද්ධ නායක කමිටුවේ මහා නායක ස්වාමීන්වහන්සේ 47 නමක් වැඩම කර සිටියහ. 1980 දී මෙම නායක කමිටුව පිහිටුවන ලද්දේ එවකට පැවැති මිලිටරි රෙජීමය විසිනි. දැනට ම