"ලොව පුරා යුද්ධයෙන්, දුප්පත්කමින් හා සමාජ විෂමතාවලින් දුක් විඳින සෑම දරුවකුගේ ම මුහුණ තුළින් අප දකින්නේ ජේසු බිලිඳුන්ගේ මුහුණයි" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ නත්තල් "නුවරට සහ ලෝකයට" පණිවිඩය
"We see Jesus in every child who suffers due to war, poverty and inequality, each of whom bears the face of Jesus" - Holy Father's Urbi et Orbi message සුදොතුම් පියතුමා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සරණාගත කඳවුරකට ගිය අවස්ථාව (2017 දෙසැම්බර 27) ජේසු සමිඳුන් ගේ උපත සමරන නත්තල, ලොව පුරා යුද්ධ කෝලහාල, දුප්පත්කම හා සමාජ විෂමතාව නිසා දුක් විඳින සෑම දරුවකුම සිහිපත්කොට ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නට අවස්ථාවක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "ඒ දුක් විඳින සෑම දරුවකුගේ ම මුහුණ තුළින් අප දකින්නේ ජේසු සමිඳුන් ගේ වත මඬල" යයි එතුමා පෙන්වා දෙයි. "යුද්ධයේ සුළං රැළි ලොව පුරා හමා යන අතර යල් පැනගිය සංවර්ධන ආකෘතියක් විසින් මානව, සමාජයීය සහ පාරිසරික පරිහානියක් ඇතිකරමින් තිබෙන අද දවසේ, බෙත්ලෙහෙමේ දරුවා කෙරෙහි අවධානය යොමු කර, කුඩා දරුවන් ගේ මුහුණු තුළ , විශේෂයෙන් ම ජේසු බිලිඳුන් සේ 'තානායමෙහි ඉඩක් නොමැති' දරුවන් ගේ මුහුණු තුළ උන්වහන්සේ හඳුනා ගන්නට නත්තල අපට ආරාධනා කරයි " යි එතුමා කියයි. "පිළිගනු නොලැබීමේ වේදනාව ජේසු සමිඳාණෝ හොඳින් දනිති. එමෙන්ම...