නයිජීරියා කතෝලික සභාවේ වර්ගවාදය හා ගෝත්‍රික වාදය විසින් ක්‍රිස්තු ඉගැන්වීම පරාජය කෙරේ; පූජකවරුන් විසින් ප්‍රතික්ෂේප කල රදගුරුතුමා ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි
Pope Francis backs down in dispute with Nigerian priests; accepts bishop's resignation (2018 පෙබරවාරි 21) ගෝත්‍රික වාදය හා වර්ගවාදය විසින් විනාශ කලන ලබන්නේ ලෞකික ලෝකය පමණක් නොවේ. ආගමික සංවිධානවලට ද වර්ගවාදී ගින්නෙන් බරපතල හානි සිදුවෙයි. කතෝලික සභාව තුළ ද වර්ගවාදී හා ගෝත්‍රික බලහත්කාරකම අඩු වැඩි වශයෙන් පවතියි. එම භේද සභාව තුළ පවතින පදවිවාදය හා නිකාය විරෝධය ද සමග මිශ්‍ර වී පූජක හා ගිහි හදවත් අහංකාරයෙන් හා මානයෙන් පිම්බුණු කල ක්‍රිස්තු ඉගැන්වීම යටපත් වෙයි. නයිජීරියාවේ දකුණු දිග අහියාරා රදගුරු පදවියෙන් වාර්තා වන්නේ එවැනි ශෝචනීය සිදුවීමකි. එම පදවියේ රදගුරු තුමන් ලෙස පත් කරන ලද පීටර් ඔක්පලෙකේ රදගුරු තුමන් වෙත එම පදවියේ පුදැදුරුවරුන් වෙතින් එල්ල වූ දැඩි විරෝධය නිසා එතුමන් භාර දුන් ඉල්ලා අස්වීම පිළිගන්නා බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සඳුදා (පෙබරවාරි 19) ප්‍රකාශ කළේය.ඒ වෙනුවට යාබද උමුවාහියා පදවියේ ලුසියුස් උගොර්ජි රදගුරු තුමන් එම පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස පත් කර ඇති බවද වතිකානය නිවේදනය කළේය. මීට අවුරුදු 5 කට පෙර පීටර් ඔක්පලෙකේ පියතුමන් අහියාරා පදවියේ රදගුරු තුමන