"මව් කුසේ සිට ස්වාභාවික මරණය තෙක් ජීවිතය සුරැකිය යුතුයි; ඊට එරෙහි න්‍යායන්ට විරුද්ධ වන්න." - සුදොතුම් පියතුමා ලෝක වෛද්‍යවරුනට අවධාරණය කරයි
'The Church is for life from conception to natural end" Francis tells Catholic physicians (2018 මැයි 29) ජීවිතය ආරක්ෂා කිරීම පිලිබඳ සභාවේ ඉගැන්වීමට විශ්වාසවන්තව සිට එම ඉගැන්වීම පතළ කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ස්ථිරව කැපවී කටයුතු කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි. මානව ජීවිතයට ඇති ගරුත්වය ප්‍රතික්ෂේප කරන න්‍යායන්වලට විරෝධය දක්වන ලෙස ද එතුමා ඔවුන්ගෙන් ඉල්ලයි. "සභාව ජීවිතය වෙනුවෙන් පෙනී සිටියි. එබැවින් ඇය සැලැකිල්ල යොමු කරන්නේ කෙතරම් දුර්වල වූවත්, කෙතරම් ආරක්ෂා රහිත වූවත්, වර්ධනය නොවූ හෝ උසස් තත්වයට පත් වී නොතිබුනත්, මූර්ත පැවැත්මේ යථාර්ථය තුළ කිසිවක් ජීවිතයට විරුද්ධව නොයා යුතුය යන කාරණය වෙතටයි," යැයි එතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ කතෝලික වෛද්‍ය නියෝජිත කණ්ඩායමක් වතිකානයේ දී එතුමන් මුණගැසුණු අවස්ථාවේදීය. කතෝලික වෛද්‍ය සභා ලෝක සංසදයට අයත් මෙම නියෝජිතයෝ 22 දෙනා මැයි 28 වැනිදා වතිකානයේ සුදොතුම් පිය ශාලාවේදී එතුමන් හමුවූහ. ඔවුන් වතිකානයට පැමිණියේ මැයි 30 සිට ජුනි 2 දක්වා ක්‍රොඒෂ