"වතිකාන තානාපති ගේ ප්‍රකාශයෙන් පසු වතිකානය තුළ කලකිරීක් සහ නොසන්සුන් බවක්; එහෙත් සුදොතුම් පියතුමා වේදනාව නොතකා ශාන්තියෙන්" - වතිකාන රාජ්‍ය ලේකම් පැරොලීනි හිමි
Pope serene despite ‘pain’ over Nuncio’s testimony; in the Vatican there is bitter disappointment and restlessness, Cardinal Secretary of State says (2018 අගෝස්තු 30) ඇමෙරිකාවේ හිටපු වතිකාන අපෝස්තලික තානාපති කාලෝ මරිය විගානි අගරදගුරු හිමි විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ඉලක්ක කරගනිමින් නිකුත් කරන ලද චෝදනා පත්‍රය හේතුවෙන් කතෝලික සභාව තුළ කම්පනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබුනත් සුදොතුම් පියතුමා සන්සුන්ව එම තත්වයට මුහුණ දෙන බව වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලීනි කාදිනල් හිමි පවසයි. එතුමා පවසන්නේ වර්තමාන තත්වය බඳු තත්වයක් මගින් "පැහැදිලිවම මහත් දොම්නසක්, කටුක බවක් සහ කනස්සල්ලක් ඇතිකරන නමුත් එම තත්වයට ඉතා සන්සුන්ව සහ ශාන්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් සුදොතුම් පියතුමා සතුව පවතින " බවයි. කාදිනල් පියෙත්‍රෝ පැරොලීනි හිමි මේ බව කියා සිටියේ වතිකානයේ "Vatican Insider" වෙබ් ප්‍රකාශනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්මුඛ සාකච්ඡාවට පාදක වූයේ වොෂින්ටන් හි හිටපු අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමියන්ට එරෙහි ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීම ප්‍රැන