"සභාව මත මඩ තැවරීමේ අරමුණින් නිරන්තරයෙන් එල්ල කරන චෝදනා" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හෙලා දකියි.
"සභාව අපවිත්‍ර නැත; ඇයගේ දරුවන් අපවිත්‍රය; එහෙත් සභා මව ශුද්ධවන්තය" Pope Francis concludes synod by condemning ‘the continuous accusations to smear the church.’ “The church is not dirty. Her children are." (2018 ඔක්තෝබර 27) යෞවනයන් පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව ඔක්තෝබර 27 වැනි සෙනසුරාදා පරිසමාප්තියට පත්විය. එහි අවසන් සැසිය අමතා කතා කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මැද පෙරදිග කලාපයේ තවමත් හිංසනයට හා පීඩනයට පත්වන කිතුනුවන් ගැන ද සිහිපත් කළේය. එම හිංසන ගැන අදහස් දක්වන අතර සිය කතා පිටපතින් ඉවත් වූ සුදොතුම් පියතුමා, " තවත් වෙනස් ආකාරයක පීඩනයක් හා හිංසනයක් තිබේ. එනම් සභාව මත මඩ තැවරීමේ අරමුණින් එල්ල කරන චෝදනායි. ඒවා ද දැඩි ලෙස හෙලා දැකිය යුතුය" යි කීවේය. එතුමා මෙම දේශනය කරන අවස්ථාවේ ලොව පුරා රටවල් 130 කින් සිනොඩ් කතිකාවට සහභාගී වූ සාමාජිකයන් 350 කට වැඩි සංඛ්‍යාවෙන් එම ශාලාව පිරී තිබුණේය. "සභාව කිලිටි නැත. ඇයගේ දරුවන් කිලිටිය; එහෙත් (සභා) අම්මා කිලිටි නොවේ. අපේ අම්මා (සභා මව) ශුද්ධවන්තය; එහෙත් ඇයගේ දරුවන් වන අපි පව්කාරයෝ ය. ඉතින්, මහා චෝදනාකරු...