ප්‍රැන්සිස් විරෝධී යුද්ධය
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අනීත්‍යනුකුල කිරීමේ අරමුණින් සභාවේම කොටසක් විසින් දියත් කර ඇති 'යුද්ධය' ගැන විමර්ශනයක් The War to delegitimize Pope Francis (2018 දෙසැම්බර 28) ( සංස්කාරක සටහන: මෙම ලිපිය සකස් කොට අවසන් වූයේ ඔක්තෝබර මස අවසන් සතියේය. ශ්‍රී ලංකාව දේශපාලන අර්බූදයකට ඇද වැටුනේ මෙය පලකිරීමට සූදානම් වන විටය. එවකට ජනතා අවධානය වෙනතක පැවති බැවින් ලිපිය පල කිරීම ප්‍රමාද කෙරිණි. දැන් වර්ෂාවසාන ලිපියක් ලෙස මෙය පලකෙරේ. මෙය මෑත ඉතිහාසයේ පාප් වහන්සේ නමක් මුහුණ දෙන ප්‍රබලම අභියෝගයකි. ගත වූ වසර තුළ සභාව මුහුණ දුන් මෙම වේදනාත්මක අත්දැකීමට සුදොතුම් පියතුමා මුහුණ දුන් ආකාරය මෙයින් විමර්ශනය කෙරේ.) " ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වර්තමානයේ ලෝකයේ වැඩියෙන් ම වෛරයට පාත්‍රවූ කෙනෙකි. " බ්‍රිතාන්‍යයේ පළවන "The Guardian" පුවත්පතේ ලියුම්කරු ඇන්ඩෘ බ්‍රවුන් 2017 ඔක්තෝබර 27 වනදා එම පුවත්පතට ලියූ සිය විශ්ලේෂණයක් ආරම්භ කර තිබුනේ එහෙමය.එහෙත් ඔහු ඊට තවත් වැදගත් තොරතුරක් එකතු කර තිබුනේය. ඒ මෙසේය: "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට වෛර කරන්නේ අදේවවාදීන් නො...