"තරුණ ඔබ දෙවියන් වහන්සේ ගේ 'දැන්' මොහොතයි" - ජාත්‍යන්තර යොවුන් දිනය සමාප්තියට පත් කරමින් සුදොතුම් පියතුමා කියයි
මීළඟ ජගත් යොවුන් දිනය 2022 පෘතුගාලයේ දී "Young people are the 'now' of God" - Holy Father says closing the WYD ජගත් යොවුන් දින සමාප්ති දිව්‍ය පූජාවට එක්වූ සභාවේ යෞවනය (2019 ජනවාරි 27 ) දෙවියන් වහන්සේට සේවාව කිරීම සහ උන්වහන්සේ ගේ දූත මෙහෙවර ඉටු කිරීම අනාගතයේ හෝ අතීතයේ දෙයක් හෝ විවේක ඇති විට කළ හැක්කක් නොවේ. එය මේ මොහොතේ කල යුතු දෙයක් සේම පූර්ණ කාලීනව කළ යුත්තක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. ජනවාරි 27 වැනිදා ඉරිදා උදාසන පැනමාවේ පැවැත්වුණු ජගත් තරුණ දිනය සමාප්තියට පත්කරමින් පැවැති දිව්‍ය පූජාවේ දී එතුමා මේ බව කියා සිටියේය. "සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ සහ සහ උන්වහන්සේ ගේ දූත මෙහෙවර අපගේ ජීවිතයේ 'අතරතුර කාලයේ' කරන්නක් හෝ තාවකාලික දෙයක් හෝ නොවේ. එය අපගේ ජීවිතයමයි. එය 'හෙට' නොවේ. දැනුයි. මන්ද ඔබගේ වස්තුව කොතැනද. ඔබගේ හදවත ද එතැන නිසාය" යි දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමින් එතුමා කීවේය. " අපගේ වස්තුව වීමට ජේසු සමිඳුන්ට අවශ්‍ය ය . මන්ද උන්වහන්සේ 'අතරතුර' කාලය හෝ විවේක කාලය හෝ නොවන නිසාය. උන්වහන්සේ අපව උන්වහන...