ප්‍රැන්සිස් සුදොතුම් පිය මෙහෙවර හා භූමිකාව විමැසෙන සම්මන්ත්‍රණයක් කොළඹ දී
"The Prophetic Voice in a time where men and women are considered as garbage and dust"- A conference on the vision and mission of Pope Francis in Colombo (2019 පෙබරවාරි 27) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එම ධුරයට තේරී පත්වී මේ මාර්තු මාසයට වසර 6ක් සපිරේ. මෙය නිමිති කරගනිමින් එතුමන් ගේ දැක්ම සහ මෙහෙවරත් සභාව තුළ මෙන්ම ලෝකය තුළ එතුමන් ගේ භූමිකාවත් විමර්ශනයට ලක්කෙරෙන කථිකා කිහිපයක් 2019 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රථම සම්මන්ත්‍රණය නම් කර ඇත්තේ "කසල හා දූවිලි බවට මිනිසුන් හා ගැහැණුන් පත්වන යුගයක - රාව නැංවෙන දිවැසිවර හඬ" ලෙසයි. මාර්තු මස 2 වනදා, සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 4.30 දක්වා බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී මෙම කතිකාව පැවැත්වේ. මෙය සංවිධාන කරනු ලබන්නේ "අද ජේසු සාමුහිකය" විසිනි. "ප්‍රැන්සිස් සුදොතුම් පිය පසුබිම" පිළිබඳව ගරු ආචාර්ය ඇලෝයි පීරිස් ජේ. නි. පියතුමා පවත්වන දේශනයකින් කථිකාව ආරම්භ වේ. ඉන් පසුව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් මහතා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්මද