"Christians cannot be indifferent and insensitive to the tragedy of poverty and refugees. We must not fail to respond.” - Holy Father emphasizes at the Mass on the International Day of Migrants ශ්‍රී ලාංකික සමාජය විසින් නොසලකා හරින ලද "ලාසරස්" ලා - නොරට දී අනාථ කරන ලද පකිස්තාන සහ ඇෆ්ගන් සරණාගතයෝ (2019 සැප්තැම්බර් 29) අහිංසකයන් දුක්ඛිත බවට ඇද දමන දුප්පත්කමේ ඛේදවාචකය ඉදිරියේ කිතුනුවන්ට අසංවේදීව, අලසව සහ අක්‍රීයව සිටිය නොහැකි යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කර නූතන ලෝක රටාව තුළ මිනිසුන්, ගැහැණුන් සහ දරුවන් කොටි සංඛ්‍යාත පිරිසක් දුක්ඛිත කොට, අවතැන් කොට ඇති දුප්පත්කම, සංක්‍රමණය මෙන්ම සරණය සොයා අපේ රටවල දොරට තට්ටු කරන සරණාගතයන් ගේ වික්ෂිප්ත බව හා අසරණබව ඉදිරියේ අක්‍රීයව සිටීම ශුද්ධ ලියැවිලි ඉගැන්වීමට මෙන් ම ජේසු සමිඳුන් ගේ උපදෙස් වලට ද විරුද්ධ බව එතුමා පෙන්වා දෙයි. " අපි දුප්පත්කමට සංවේදීව වැළපිය යුත්තෙමු. අපි ඊට ප්‍රතිචාර දැක්විය යුත්තෙමු , " යි එතුමා කියා සිටියි. "නූතන ලෝකය, සමාජයෙන් බැහැර කරන ලද කොටස් සම්බන්ධයෙන් වඩ වඩාත් ...