"ඔබගේ රදගුරු හිමිවරුන් සහ පුදැදුරු වරුන් තුළින් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමය විද්‍යමාන වන්නැයි කියා ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්න" බදාදා ධර්මෝපදේශය - "රදගුරු - පුදැදුරු තුමන්ගේ වගකීම අවදිව සිට මුරකිරීමයි
"Pray that bishops, priests will manifest Christ's love", Pope Francis urges at the General Audience (2019 දෙසැම්බර් 7) තමන් ගේ සේවාවට සහ රැකබලා ගැනීමට භාර වී සිටින කතෝලික ජනතාව ආරක්ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ වගකීමක් පූජක වරුන් සහ රදගුරු හිමිවරුන් සතුව පවතින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ නිසා ඔවුන් අතින් එම කාර්යභාරය නිසි ලෙස ඉටු වන පිණිස විශ්වාසිකයන් ඔවුන් වෙනුවෙන් නිරන්තරෙන් යාච්ඥා කළ යුතු බව එතුමා පවසයි. " සභාව වෙතත්, ඇය තමන් තුළ සංරක්ෂණය කරන විශ්වාසයේ නිධිය වෙතත් අප තුළ පවතින ප්‍රේමය ප්‍රබෝධවත් කරන ලෙස ඉල්ලා සමිඳුන් යදිමු. එසේම අපගේ පුදැදුරු-රදගුරු වරුන් සිය ජීවිතයෙන් දිව්‍ය එඬේරාණන් ගේ ස්ථිර බවත් මෘදු බවත් ප්‍රකාශ කරනු පිණිස ඔවුනට යාච්ඥාවෙන් ආධාර කරමින් අප ද බැටළු රැල රැකබලා ගැනීමට සම වගකිවයුත්තන් කරන ලෙස ද අප සමිඳුන්ට යාච්ඥා කළ යුතු ය. ... රදගුරු හිමි වරුන් සිය ජනතාව රැකගැනීම පිණිසත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පිණිසත් නිරන්තරයෙන් ම ඔවුනට සමීප විය යුතු " යයි ද එතුමා කියා සිටියේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කල...