"ලාසරස් සහ කොරෝනා" - "ජේසු සමිඳුන් සිය මිතුරාට ප්‍රේම කළා නම්, ආපසු එන්නට ප්‍රමාද කළේ ඇයි ?" එඩ්මන්ටන්හි අගරදගුරු හිමියන් ගේ චතාරික කාලයේ 5 වන ඉරිදා සුපුවත් භාවනාව
"If Jesus really did love his friend Lazarus, why didn’t he run to him right away to save him ? Why did he delay?" Archbishop Richard Smith's Homely on he 5th Sunday of Lent (2020 මාර්තු 30) කොරෝනා වසංගතයෙන් බියටත් ව්‍යාකුල බවටත් පත්ව සිටින ලෝකය - කතෝලික ලෝකය පවා - ඒ ගැන විවිධ මත ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ. ඇතැමෙකු පවසන්නේ මෙය දේව දඬුවමක් හෝ ශාපයක් ලෙසයි. තව කෙනෙක් එය කුමන්ත්‍රණයන් ලෙස විස්තර කරති. මෙම අතිශය අවිනිශ්චිත තත්වය විසින් ලෝකය කවර දෙසකට රැගෙන යන්නේ දැයි සිතාගත නොහැකි තරම් ය. මුලින් ම චීනයේත් මේ වන විට ඉතාලිය, සපාඥ්ඥය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලත් බොහෝ දෙනෙකු පවසන්නේ "මරණය දොරකඩට ම ඇවිදින්" කියා ය. මේ නිසා, ශ්‍රී ලංකාවට මෙතෙක් නොදැනුනත්, ලොව බොහෝ රටවල ජනතාව සිටින්නේ රෝගයත් මරණයත් කොයි මොහොතේ තමා සොයා ඒවි ද යන සැකයෙන් සහ බියෙනි. විදේශ රටවල සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ට පවා මේ හැඟීම දැනේ. තත්වය තවත් බිහිසුණු කරමින් රෝගීන්ට උපස්ථාන කරන වෛද්‍ය සේවකයන්ට පවා සිය සේවාව කරන්නට සිදු වී ඇත්තේ මරණය පෙනී පෙනී ය. මේ තත්වය තුළ "දෙවියන් කොහේ ද?...