අද: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග ජපමාලය යදින සන්ධ්‍යාව - තවත් සිද්ධස්ථාන රැසක් සජීවීව සම්බන්ධ වෙයි; නව තොරතුරු
Praying the Rosary with the the Holy Father tonight - New information (2020 මැයි 30) ලොව පුරා විසිර ඇති දෙව් මවුන් වන මරිය මෑණියන්ට කැපවූ ප්‍රධාන සිද්ධස්ථාන සමග සම්බන්ධ වෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (මැයි 30) සන්ධ්‍යාවේ ජපමාලය උච්චාරණය කරයි. මැයි මාසයේ මරිය මව් බැතිය පරිසමාප්තියට පත් කෙරෙන අද දිනයේ ලෝකයේ මරිය මෑණියන්ට කැපවූ සිද්ධස්ථාන සමග සම්බන්ධ වී ජපමාලය යාච්ඥා කිරීමට තමා හා එක්වන ලෙස එතුමා ඉකුත් සඳුදා සියලු කතෝලික ජනතාවට ආරාධනා කළේය. මෙම ජපමාලය යැදුම සංවිධාන කරන්නේ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. යැදුම් දිනයේ තේමාව ,"මරිය මෑණියන් සමග යාච්ඥාවට එක සිතින් සම්බන්ධ වෙමින්" (ක්‍රියා 1:14) "Devoted and with one accord to prayer, together with Mary (Acts 1:14) යන්න යි. "ආරක්ෂාව පතා අප කරන අයැදුම් අපගේ ස්වර්ගීය මෑණියන් ප්‍රතික්ෂේප නොකරන බවට ඇති නිශ්චිත විශ්වාසය තුළ, කෝවිඩ් වසංගතයෙන් තවත් අයහපත් තත්වයට පත් වූ මානව වර්ගයා ගේ දුක්ඛ දෝමනස්ස, සුදොතුම් පියතුමා එතුමිය ගේ පා මුල තබනු ඇත," යි මෙම දිනය ප්‍රකාශයට පත් කරම