"ඥානෝපදේශය (දහම් පාසල්) නිර්දේශ පාදක විෂය ඉගැන්වීමක් නොවේ; ධර්මදානය යි" - නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය කියයි: "සක්‍රමේන්තු පෙන්වා දරුවන් 'බ්ලැක්මේල්' නොකරන්න"
"Catechesis is not a school subject a teacher imparts information to students" - Archbishop Rino Fisichella at the Publication of the Directory of Catechesis සේයාරුව යූකාන් ප්‍රවෘත්ති සේවයෙන් (2020 ජූලි 17) "නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සභා ජීවිතයේ ඉතා ප්‍රීතිමත් අවස්ථාවකි." නව ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් මෙසේ කියා සිටියේ ධර්මෝපදේශය පිලිබඳ නව උපදේශ සංග්‍රහය නිකුත් කිරීම නිමිත්තෙන් ඉකුත් දා පැවැති මාධ්‍ය හමුව අමතමිනි. නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය වතිකානය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉකුත් ජුනි 25 වැනිදා ය. මේ උපදේශ සංග්‍රහය නිකුත් කෙරෙන්නේ 1971 දී නිකුත් කරන ලද "පොදු ධර්මොපදේශ උපදේශ සංග්‍රහයටත්" 1997 දී නිකුත් කෙරුණු "ධර්මෝපදේශය සඳහා පොදු උපදේශ" මාලාවටත් බොහෝ කාලයකට පසුව ය. එම උපදේශ සංග්‍රහයන් නිකුත් කරන ලද්දේ පුදැදුරුවරුන් පිලිබඳ සසුන් පර්ෂදය විසිනි. සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් ධර්මෝපදේශය පිලිබඳ වගකීම ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ