"සමාජ විෂමතා යනු සමාජය රෝගී වීමේ රෝග ලක්ෂණයක්. රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසක් ඊට හේතුවයි" - 'ලොව සුවපත් කරන' සුදොතුම් පිය දැක්ම - " මිනිසා මිහිතලයේ හිමි කාරයා නොවේ; ඔහු එහි භාරකරුවායි."
“We are earth's stewards, not masters” Pope's vision for the post-pandemic world continued; 'Inequalities in the world reveal a social illness; it is a virus that comes from a sick economy.” සුදොතුම් පියතුමා අපෝස්තලික මාලිගාවේ පුස්තකාලයේ සිට අගෝස්තු 26 වැනි දා පොදු හමුව පැවැත්වූ අවස්ථාව (2020 අගෝස්තු 30) " මිහිතලය තමන්ට රිසි ලෙස ආත්මාර්ථකාමීව පරිභෝජනය කරන්නට මිනිසා මිහිතලයේ හිමි කාරයා නොවේ; ඔහු එහි භාරකරුවාය." "වඩා යුක්තිසගත සහ සධාරණ වූ, වඩා යහපත් සහ වෙනස් දෙයක් ඇතිකරගැනීම සඳහා කිතුනුවා එක්සත්ව දෙවියන් වහන්සේ තුළ මුල් බැසගෙන ක්‍රියා කල යුතු ය." ලෝකයේ දක්නට ලැබෙන සමාජ විෂමතා යනු සමාජයීය රෝගීභාවයේ ලක්ෂණයකි. එය ඇතිවන්නේ රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසකිනි" "ආර්ථික සහ තාක්ෂනික විෂමතා අපගේ සමාජ ජාලය ඉරාදමන තරමට විශාල වන විට, භෞතික සංවර්ධනය මත යැපීම අපගේ පොදු නිවස වන මිහිතලයට තර්ජනයක් වන තරමට නැගී සිටින විට අපට ඒ දෙස ඔහේ බලාගෙන සිටිය නොහැකිය." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු පෙන්වා දුන්නේ අගෝස්තු මස 26 වැනි බ...