සිකුරු මත ජීවයේ සලකුණු ? දෙවියන් වහන්සේ අප සිතනවාට වඩා විශාල බවට, අනන්ත බවට තවත් සාක්ෂියක් - වතිකාන තාරකා විද්‍යාඥයා කියයි. Vedio
"God is bigger than we think" - Vatican astronomer explains the importance on finding signals of life on Venus (2020 සැප්තැම්බර් 22) පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලෝකයක ජීවීන් ගේ පැවැත්මක් තිබුණත් එම සාධකය නිසා හෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමග ඇති සම්බන්ධතාවයේ වෙනසක් සිදු නොවන බව වතිකානයේ ප්‍රධාන තාරකා විද්‍යාඥයා පවසයි. එසේ ම ලැබෙන විද්‍යාත්මක දත්ත මත අවශ්‍යතාවට වඩා අනුමාන කිරීම් වලින් වැළකී සිටීමේ වැදගත් කම ද තාරකා විද්‍යාඥයා පෙන්වා දෙයි. වතිකානයේ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජේසු නිකායික ගයි කොන්සොල්මන්ඥෝ සහෝදරතුමා මේ බව ප්‍රකාශ කළේ වීනස් හෙවත් සිකුරු ග්‍රහයා මත ජීවීන් සිටින බවට අනුමාන කළ හැකි සොයාගැනීමක් සම්බන්ධයෙන් ජගත් විද්‍යාඥ කණ්ඩායමක් වාර්තා කිරීමෙන් පසුව ඒ ගැන අදහස් දක්වමිනි. ප්‍රකට කතෝලික ප්‍රකාශනයක් වන Cruxnow වෙබ් අඩවියට විශේෂ සාකච්ඡාවක් දෙමින් එතුමා මේ බව කියා සිටියේ ය. සිකුරු ග්‍රහයා ... සිකුරු හෙවත් වීනස් යනු සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයා ගේ සිට දෙවන ග්‍රහයා ය. එය රාත්‍රී අහසේ දීප්තියෙන් දෙවැනි වන්නේ චන්ද්‍රයාට පමණි. ඇතැම් විට දිවා කාලයේ ද පියෙවි ඇසින්