රොබෝ යන්ත්‍ර සහ "කෘත්‍රීම බුද්ධියේ " දියණුව මානව යහපත පිණිස පමණක් ම වේවා! සුදොතුම් පියතුමා ගේ නොවැම්බර මාසයේ යැදුම් අදහස
Holy Father's November prayer intention: that progress in robotics and AI “be human” (2020 නොවැම්බර 9) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ නොවැම්බර මාසයේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. මෙවර එතුමා එම පණිවිඩය මගින් කතා කරන්නේ මිනිස් පැවැත්මට සේ ම විනාශයට ද හේතු විය හැකි නූතන තාක්ෂණ සොයාගැනීමක් ගැන ය. නූතන විද්‍යාවේ හා තාක්ෂණයේ ඵලයක් වන "කෘත්‍රිම බුද්ධිය" (Artificial Inteligence - AI) ඔස්සේ මානව වර්ගයා අත්දකිමින් සිටින යුග වෙනස ගැන මේ වීඩියෝව මගින් එතුමා ලෝකයේ සහ කතෝලික ජනතාවගේ අවධානය යොමු කරයි. තාක්ෂණ ඉතිහාසයේ දැවැන්ත පිම්මක් වන මේ සොයා ගැනීම "මානව ගරුත්වයට ගරු කරමින් සහ මැවිල්ල රැකබලා ගනිමින් මානව වර්ගයට සේවාව කරන්නක් ම වන පිණිස" මේ නොවැම්බර මාසය තුළ යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා වෙසෙන කතෝලික ආරාධනා කරයි. මෑත කාලය තුළ කෘත්‍රීම බුද්ධිය කැපී පෙනෙන වර්ධනයක් ලබා ගෙන තිබේ. දැනුම සහ ඥානය භාවිත වන විවිධාකාර ක්ෂේත්‍ර වල කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනු...