ක්‍රිස්තියානි එකමුතුව උදෙසා වාර්ෂික යැදුම් සතිය ඇරැඹේ - "මේ වසරේ යාච්ඥා වලට අතථ්‍යව සම්බන්ධ වන්න" වතිකානය සහ ක්‍රිස්තියානි සභා කවුන්සිලය ලොව පුරා කිතුනුවන්ගෙන් ඉල්ලයි.
Christians invited to join virtually in prayer for 54th Week of Prayer for Christian Unity ලෝක කිතු දන පුබුදුවේ 50 වැනි සංවත්සරය දා වතිනාකනයට රැස් වූ ලොව පුරා විවිධ කිතුනු සභා පූජක වරුන් එක්සත්ව යාච්ඥා කල අයුරු (2020 ජනවාරි 18) කිතුනු ජනතා එකමුතුව වෙනුවෙන් යාච්ඥා කරන වාර්ෂික සතිය ජනවාරි 17 වැනි ද සඳුදායින් ආරම්භ විය. එම යැදුම් සතිය මේ මස 25 වැනි දා දක්වා දිවේ. මෙය වාර්ෂිකව ක්‍රිස්තියානි ජනතාව ගේ එකමුතුව සඳහා ලොව පුරා සියලු කිතුවන් එක්ව යදින 54 වැනි සතියයි. සභාව තුළ සමස්ත කිතුනු ජනතාව ගේ සමගි සන්ධානය සහ එකමුතුව සඳහා මේ සතිය පුරා යාච්ඥා කරන ලෙස ලොව පුරා කිතුනුවනට ආරාධනා කෙරේ. වතිකානයේ කිතුනු එකමුතුව ප්‍රවර්ධනය පිණිස වන සසුන් පිය මන්ත්‍රණ සභාව සහ ලෝක ක්‍රිස්තියානි කවුන්සිලය එකාබද්ධව මේ සතිය සංවිධාන කරයි. මේ සතියේ අරමුණ සමස්ත කිතුනු ජනතාව එක්ව කිතුනු ජනයා ගේ දෘශ්‍යමාන එකමුතුව සඳහා සහ විශේෂයෙන් ම ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය අවස්ථාවේ යැදුම වන "ඔවුන් සියල්ලෝ ඒකත්වයක් වේවා!" යන්න සම්පූර්ණත්වයට පත් වීම පිණිස යාච්ඥා කිරීම ය. වසර 2021 කිතුනු එකම...