කාදිනල් රොබට් සේරා හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි
Pope accepts resignation of Cardinal Robert Sarah කාදිනල් රොබර්ට් සේරා හිමි (2021 පෙබරවාරි 22) දේව වන්දනාව සහ සක්‍රමේන්තු ශික්‍ෂණය පිලිබඳ වතිකාන පර්ෂදයේ ප්‍රධානි කාදිනල් රොබට් සේරා හිමියන් ගේ ඉල්ලා අස්වීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා පිළිගත්තේය. මේ බව බව වතිකානය ඊයේ නිවේදනය කළේය. මේ අනුව ගෝලීය සභාවක් පිලිබඳ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දැක්මට බාධා කරන වතිකාන මෙන් ම ලෝක බලවේගයේ නායකයකු ලෙස ලෝකයේ අවධානයට ලක්ව සිටි මෙම කාදිනල් තුමා ගේ ධුර කාලය නිමාවට පත් වෙයි. කාදිනල් සේරා හිමි ගේ ධුර කාලය අවසන් වුයේ මන්දැයි වතිකානය විසින් නිකුත් කරන ලද නිවේදනය පැහැදිලි නොකරයි. එහෙත් සේරා හිමි ට්වීට් පණිවිඩයකින් කියා සිටියේ තමා පසුගිය වසරේ 75 වැනි වියට පා තැබූ බව ය. එය සාම්ප්‍රදායික ලෙස රදගුරු හිමි වරුන් සිය සේවාවෙන් විශ්‍රාම ගත යුතු වයසයි. ගීනියා ජාතිකයකු වන රොබර්ට් සේරා හිමි ශු. දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් විසින් 1979 දී එරට කොනාක්‍රි හි අගරදගුරු තුමන් ලෙස පත් කරනු ලැබීය. වසර 2001 දී එතුමා වතිකානයේ ජනතා ධර්මදානය පිලිබඳ පර්ෂදයේ මහ ලේකම්...