"විවාහයේ සෞන්දර්යය" :ජුනි මාසයේ සසුන් පිය යැදුම් අදහස . සසුන් පිය වීඩියෝවේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික නියෝජනයක්
Pope’s June prayer intention: ‘The beauty of Marriage’ (2021 ජුනි 7) විවාහය වූ කලී "හදවතින් උපත ලබන දේව කැඳවීමක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. මේ නිසා විවාහය හෙවත් ආශීර්වාදකාර බන්ධනයට සූදානම් වන යුවල් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජුනි මාසය සාමාන්‍යයෙන් සැලැකෙන්නේ විවාහ මංගල්ල මාසය ලෙස ය. වසංගත තත්වය නිසා බොහෝ රටවල විවාහ මංගල්ල සැමරීම සීමා වී තිබුණත්, එම සීමා වලට අනුගත වෙමින් ඉතා චාම්ව හෝ පසුගිය කාලය පුරාත් මේ ජුනි මාසයේත් ප්‍රේමවන්තයෝ විවාහ දිවියට එළඹෙමින් සිටිති. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් සුදොතුම් පියතුමා ජුනි මාසයේ සිය යැදුම් අදහස ප්‍රකාශයට පත් කරමින් කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විවාහ ජීවිතයට සූදානම් වන්නන් වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙසයි. යොවුන් ජනතාව විවාහ වීම ප්‍රතික්ෂේප කරනවා ? මේ යුගයේ ලොව ඇතැම් පිරිස් විවාහ ජීවිතයට ඇතුළු වීම සුළු කොට සළකතත් එය ඉතා අනගි ජීවිතයක් බව, යැදුම් අදහස ඇතුලත්ව නිකුත් කෙරෙන සසුන් පිය වීඩියෝවෙන් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එතුමා සිය පණිවිඩය ආරම...