චීලියේ ළමා අපයෝජන අර්බුදයේ කේන්ද්‍රය වූ හිටපු පුදැදුරුවරයා මිය යයි: "අපයෝජනයෙන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම"- වින්දිතයෝ කියති
Former priest at center of Chile’s clerical abuse crisis dies හිටපු පුදදුරු වරයකු වූ ෆර්නැන්ඩෝ කරදීමා (2021 ජූලි 29) කාලයක් චීලියේ ජනප්‍රිය ම පුදැදුරු වරයා වූවත් පසු කාලයේ එරට නම ගිය ළමා අපයෝජකයකු ලෙස අගෞරවයට ලක්ව වූ ෆර්නැන්ඩෝ කරදීමා ජූලි 26 වැනි දා මිය ගිය බව ඔහු අවසන් කාලය ගෙවූ වැඩිහිටි නිවාසය නිවේදනය කළේය. සන්තියාගෝ අගනුවර පිහිටි Hogar San Juan de Dios වැඩිහිටි නිවාසයේ දී මියයන විට ඔහු 90 වැනි වියේ පසුවිය. දේශනාවාදියකු ඇතුළු සසුන් සේවා රැසක් ගැන ගෞරවයට පත්ව සිටි (එවකට) ෆර්නැන්ඩෝ කරදීමා පියතුමා, තමන් ගේ සේවා කටයුතු වලට පැවරෙන ළමයින් අපයෝජයනය කරන බවට චෝදනා එල්ල වුවද එම චෝදනා සියල්ල දශක කිහිපයක කාලයක් පුරා එරට සභා නායකත්වය විසින් යටපත් කෙරෙමින් තිබිණි. එහෙත් දැඩි බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙස වතිකානයේ දී පවත්වන ලද විමර්ශනයකින් සහ විභාගයකින් පසුව ඔහු ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වරදකරු බව වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනය 2011 දී නිවේදනය කළේය. ප්‍රසිද්ධ ජීවිතයෙන් ඉවත් වී ජීවිතාන්තය දක්වා පශ්චාත්තාපී ජීවිතයක් ගත කරන ලෙස එම විභාගය අවසානයේ මෙම පුළුල් බලැති සසුන් නියෝජනය ඔහුට නියෝ