සුදොතුම් පියතුමා ගේ දාන අංශයේ ප්‍රධානී කාදිනල් හිමියන්ට යුක්රේන-රුසියා දේශ සීමාව අසලදී වෙඩි ප්‍රහාරයක්
Pope's almoner shot at while delivering aid in Ukraine කාදිනල් ක්‍රව්ජෙස්කි හිමි යුක්රේනයේ සිය 'සහායකයන්' සමග (2022 සැප්තැම්බර 18) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දානාධිකාරී තුමා, එනම් සසුන් පිය දාන ආයතනයේ නායක කාදිනල් හිමිපාණන්ට යුක්රේන-රුසියා දේශ සීමාව අසල දී වෙඩි තැබීමකට මුහුණ දීමට සිදු වූ බව වතිකාන නිල ප්‍රවෘත්ති සේවාව වාර්තා කරයි. "සසුන් පිය දානාධිකාරී" යන කෙටි නමින් පතළ, වතිකානයේ දයා සේවා දෙපාර්තමේන්තුවේ නායක කාදිනල් කොන්රඩ් ක්‍රව්ජෙස්කි හිමිපාණන් මේ බියකරු අවස්ථාවට මුහුණ දුන්නේ සුදොතුම් පියතුමා ගේ ආහාර සහ වෙනත් සැපැයුම් ඇතුළත් ආධාර තොගයක් රැගෙන ඒවා බෙදා දීම සඳහා යුක්‍රේනයේ රුසියා දේශ සීමාව ආසන්නයේ පිහිටි සැපොරිෂ්ෂියා නගරයට පැමිණි අවස්ථාවේ දී ය. "සසුන් පිය සෙනෙහස" බෙදීම මෙය කාදිනල් ක්‍රව්ජෙස්කි හිමිපාණන් සුදොතුම් පිය ආහාර සහ සැපැයුම් රැගෙන යුක්රේනයට ගිය තුන් වැනි වතාවයි. මේ කාලය තුළ තමන්ට පැවරී ඇති මෙහෙවර යුද්ධයට මැදි වී සිටින යුක්රේන ජනතාවට අත්‍යවශ්‍ය සැපැයුම් බෙදා දෙන අතර, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ නියෝජිතයා ලෙස, එතුමා ගේ සමී