කාදිනල් මැරදියාගා හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි; නව අගරදගුරු ලෙස මීසම් සේවක පියනමක් !
Holy Father names parish priest to succeed Cardinal Maradiaga in Tegucigalpa විශ්‍රාම යන කාදිනල් මැරදියාගා හිමි (2022 ජනවාරි 27) ලොව ප්‍රකට එමෙන් ම ගෞරවයට පත්ව සිටින කාදිනල්-අගරදගුරු හිමි නමක් වන ඔස්කා මැරදියාගා කාදිනල් හිමියන් ගේ ඉල්ලා අස්වීම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් පිළිගෙන තිබේ. ඒ වෙනුවට පදවියේ නව අගරදගුරු හිමියන් ලෙස සුදොතුම් පියතුමන් විසින් පත්කරනු ලැබ සිටින්නේ පදවියේ සේවය කළ පැවිදි මීසම් සේවක පියනමකි. වතිකාන ප්‍රවෘත්ති සේවාව අද මෙය නිවේදනය කලේ ය. හොන්ඩියුරාස් හි ටෙගුචිගල්පා මෙට්‍රොපොලිටන් අගරදගුරු පදවියේ පරිපාලනයෙන් ඉල්ලා අස්වෙමින් ඔස්කා රෝද්රිගුවස් මරදියාගා කාදිනල් හිමිපාණන් ඉදිරිපත් කළ ලිපිය පාප් වහන්සේ භාරගත් බව වතිකානය ප්‍රකාශ කළේය. දර්ශනය සහ දේවධර්මය යන විෂයයන් ගෙන් ආචාර්ය උපාධිධරයකු වූ මරදියාගා කාදිනල් හිමි ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්‍රක් සරසවියෙන් සායනික මනෝවිද්‍යාව සහ මනෝ චිකිත්සාව පිලිබඳ ඩිප්ලෝමාවක් ද ලබා සිටියේය. ළමා වයසේ දී ඔස්කා සැක්සෆෝන වාදනයට සහ නැටුමට ප්‍රිය කළේය. යොවුන් ඔස්කා ගේ...