"චතාරිකයේ පශ්චාත්තාපික ගමනත් - සභාවේ සාංගමනික ගමනත් එක සමානයි" - සුදොතුම් පියතුමා චතාරික පණිවිඩයෙන් කියයි. "වෙහෙස නොබලා කන්ද නැග්ගොත් කන්ද මුදුනේ පරිදර්ශනය අප මවිත කරාවි."
"Lenten Penance and the Synodal Journey are similar" -Holy father says in 2023 Lenten Message ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යොවුන් දින රැළියක දී. -"එකට ගමන් කිරීම." (2023 පෙබරවාරි 22 ) අළු බදාදයින් ආරම්භ කෙරෙන චතාරික පශ්චත්තපික සමයත් සභාව දැන් ආරම්භ කර ඇති සාංගමනික ගමනත් (Synodal Journey - සිනෝඩීය ගමන) එක සමාන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. මේ ගමන් දෙකෙහිම පවතින්නේ එකම ලක්ෂණය. ශ්‍රාවකයන් රැගෙන ක්‍රිස්තුන් වහන්සේ හුදෙකලා තැනකට යාම, එම හුදෙකලා තැන වෙත යන මාර්ගය දුෂ්කර, වෙහෙසකර, මහත් පරිශ්‍රමයෙන් හා කැපවීමෙන් යුතු එකක් වීම, එහෙත් ගමන පුරා ක්‍රිස්තුන් වහන්සේ "ශ්‍රාවකයන් සමග" සිටීම, ක්ර්සිතුන් වහන්සේ අප ගෙන යන හුදෙකලා තැන - හෙවත් කන්ද මුදුනේ - ශ්‍රාවකයන්ට සිය වෙහෙසට සහ දුෂ්කරතාවට කිසිසේත් සම කල නොහැකි නෙත් සිත් මවිත කරන මහිමයක් දැක ගන්නට ලැබීම එම පොදු ලක්ෂණ වේ. සිය චතාරික භාවනාව තුළ මේ චතාරිකයේ දී අපට ගමන් කල හැකි මාර්ග දෙකක් ද සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එනම් "ක්‍රිස්තුන් වහන්සේට සවන් දීම සහ 'තැන්නට යාම'ය...