වසර 10කට පසු සුදොතුම් පියතුමා යළිත් යොවුන් සිපිරි ගෙදරට. හැරමිටි වාරුවෙන් පාද දෝවන මෙහෙය කරයි- "අපේ අභ්‍යන්තරය දැක ජේසු සමිඳුන් කම්නයට පත් වන්නේ නැහැ." (වීඩියෝ)
Ten years later, Pope returns to Rome's youth prison for Holy Thursday (2023 අප්‍රේල් 09) 2023 මහ බ්‍රහස්පතින්දා "සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන සැමරුම් මහ ස්තෝත්‍ර යාගික මෙහෙය" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පවත්වන ලද්දේ මීට වසර 10කට පෙර එතුමා එය පවත්වන ලද රෝමයේ බාල අපරාධකරුවන් ගේ සිර ගෙදර ය. 2013 මහ බ්‍රහස්පතින්දාව යෙදී තිබුණේ එතුමන් පාප් පදවියට තේරී පත් වී දින 15කට පසුවයි. මෙතෙක් කිසිදු පාප් වහන්සේ නමක් නො කල දෙයක් කරමින් එතුමා මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව සහ පාද දෝවන මෙහෙය පැවැත්වීමට තෝරා ගත්තේ රෝමය තදාසන්නයේ පිහිටි කාසල් දෙල් මර්මෝ නව යොවුන් අපරාධකරුවන් ගේ සිරගෙදරයි. වයස අවුරුදු 14-25 අතර සිරකරුවන් සිය දඬුවම් විඳින මේ සිපිරි ගෙයට ගිය එතුමා ඔවුන් සමග සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන මහ සැමරුම සිදු කරමින් සිරකාර යෞවන යෞවනියන් 12 දෙනෙකු ගේ පාද දෝවනය කළේය. හරියටම ඊට වසර 10කට පසුව එතුමා යළිත් මහ බ්‍රහස්පතින්දා සැමරුමට එම සිපිරි ගෙදරට ම ගියේ ය. සැමරුම් ස්තෝත්‍ර යාගික මෙහෙය පවත්වන ලද්දේ එම සිරගෙදර ඇති පුංචි පල්ලියේ ය. පාද දෝවනය සඳ...