ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සායනික තත්ත්වයේ "හදිසි අයහපත්" තත්ත්වයක්; එහෙත් ක්ෂණිකව කල ප්‍රතිකාරවලට හොඳින් ප්‍රතිචාර දක්වයි

පාප් වහන්සේ ප්‍රතිකාර ලබන ජෙමෙල්ලි රෝහල අබියස දක්නට ලැබෙන එතුමන් ගේ රුව සහිත බැලූන. (2025 පෙබරවාරි 28) ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා තනි වූ ශ්වසනාලීය ආශක්ත තත්වයකට ( isolated bronchial spasm) මුහුණ දුන් බව වතිකානය අද ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ද්විත්ව නියුමෝනියා රෝග තත්වයට ප්‍රතිකාර ලබීම්මේ ත්ව්රමක පසු බැස්මක් ඇති වූ බව රෝහල් වාර්තාව උපුටා දක්වමින් එම නිවේදනය කියයි. ඒම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි: "අද උදාසන ශුද්ධෝත්තම පියතුමා සාමාන්‍ය ලෙස ශ්වසන භෞතචිකිත්සා ප්‍රතිකාර ලබමින් සහ එතුමා ගේ කාමරයේ ඇති කුඩා පල්ලියේ යාච්ඥා කරමින් ද ගත කළේය. අද දහවල් එතුමා හුදෙකලා ශ්වසන ආශක්තතා අවස්ථාවකට මුහුණ දුන්නේය. මේ හේතුවෙන් එතුමන්ට කැස්සත් ඔක්කාරයත් ඇති වූ අතර හදිසියේ එතුමා ගේ තත්ත්වය තරමක් අයහපත් අතට හැරිණි. එතුමාගේ ශ්වසන මාර්ගය බාධා රහිත කිරීම සඳහා වහාම ක්ලෝමීය උච්ශ්වසනයට භාජනය කරන ලද අතර අන්ධර්ගත නොවන යාන්ත්‍රික වාත සම්ප්‍රේෂණයට භාජනය කරන ලදී. එය එතුමන් ගේ ඔක්සිජන් මට්ටම වර්ධනය කළේය. මේ අනුව රෝග අනාවැකිය තව දුරටත් අවදානම් තත්ත්වයේ පවතියි. උ...