BREAKING: රෝහල් ගත වී සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දරුණු ඇදුම තත්වයකට මුහුණ දෙයි. "තත්වය තරමක් අයහපත්" -වතිකානය කියයි

ජෙමෙල්ලි රෝහල ඉදිරිපිට සුදොතුම් පියතුමන් වෙනුවෙන් දැල්වෙන ඉටිපහන් 


(2025 පෙබරවාරි 22)

රෝහල් ගතකොට සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තත්වය අයහපත් අතට හැරී ඇති බව වතිකානය ප්‍රකාශ කරයි. 

ඉකුත් දා එතුමන් රෝමයේ ජෙමෙල්ලි රෝහලට ඇතුළත් කරන ලද්දේ තරමක්  උග්‍ර බ්‍රොන්කයිටිස් රෝගී තත්වයෙන් පෙලීම හේතුවෙනි. එම තත්වය සහ කැස්ස නොතකා එතුමන් දිව්‍ය පූජා යාගයකට එක්වී ධරම දේශනය පවත්වමින් සිටින එතුමාට එම පිටපත කියවා ගන්නට නොහැකි විය. එතුමා වෙනුවෙන් එම දේශනා පිටපත වෙනත් රදගුරු  හිමි නමක්  විසින් ඉදිරිපත් කරන ලදී. 

වහාම රෝහල් ගත කරන එතුමාට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිකාර කිරීම ආරම්භ කළේය. රෝහල් ගත වී සිටින විට වෛද්‍යවරුන් විසින් සොයා ගන්න ලද්දේ එතුමා බ්‍රොන්කයිටිස් රෝගයට අමතරව පෙනහළු දෙකේම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන බවය. ඒ අනුව එතුමා ප්‍රබල ප්‍රතිකාර වලට ලක්කරන ලද අතර තත්වය පහසු කිරීම සඳහා විටින් විට එතුමාට ඔක්සිජන් ලබා දීම ද සිදු  කෙරිණි. එතුමා කුඩා කාලයේ සිට ම නියුමෝනියාවට විටින් විට මුහුණ දුන්නේය. වයස අවුරුදු 21 දී එතුමන්ට දරුණු නියුමෝනියා තත්වයක් වැළඳීම නිසා එතුමන් ගේ දකුණු පෙනහල්ලේ කොටසක් ඉවත් කිරීම සිදුවිය. 

මීට ටික වෙලාවකට කලින් ලැබුණු රෝහල් වාර්තාවකට අනුව වතිකානය ප්‍රකාශ කලේ ප්‍රැන්සිස් සුදුතුම් පියතුමා ගේ තත්වය අයහපත් තත්වයට හැරී ඇති බවයි. දැනට පවතින රෝගී තත්වයන්ට අමතරව එතුමා දරුණු ඇදුම තත්වයකට ද මුහුණ දුන් බව රෝහල ප්‍රකාශ කර තිබේ. 

මේ වන විට පූජක වරුන්, කන්‍යා සොහොයුරියන් සහ ගිහි ජනතාව විශාල පිරිසක් රෝහල ඉදිරිපිටට රැස්වී එතුමන් වෙනුවෙන් යාච්ඥා කරමින් සිටිති. 

රෝගී තත්වය මධ්‍යයේ වුවද සෙනසුරාද රාත්‍රිය  දක්වා සුදොතුම් පියතුමා  බොහෝ අවදියෙන් සිටි බව  එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ප්‍රවෘත්ති හමුවක දී කියා සිටියහ. ඔවුන් පැවසුවේ එතුමා සුපුරුදු ලෙස හෙද සහ වෛද්‍ය කාර්යමණ්ඩලය සමග විහිලු තහළු  කරමින් සුහදව කතා කරමින් සිටි බවයි. 

වතිකාන සුලඟ කර්තෘවරයා ආරම්භයේ සිටම ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා සමීපව නිරීක්ෂණ කල අතර එතුමන් ගැන අධ්‍යයනය කළේය. 

ඒ අනුව අපට වැටහෙන්නේ එතුමන් සිය අවසන් මොහොතට සූදානම්ව සිටි බවයි. 2024  නත්තලෙන් පසුව එතුමන් ක්‍රියාකළ ආකාරය සහ මේ රෝගී තත්වයට එතුමා මුහුණ දුන් ආකාරය අනුව අපට පැහැදිලි වන්නේ ශු. පාවුළු තුමන් සිය අවසාන කාලයේ සිය  ශ්‍රාවකයා වූ තිමෝතියස්ට ලියූ ලිපියේ තිබූ අදහස අනුව එතුමන් ක්‍රියා කල බවයි. 

"මගේ වියෝවීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනෙහි සටන් කලෙමි. මම දිවීමේ තරගය  අවසන් කළෙමි....." ( 2තිමති 4:6-7) 

මේ  ජීවිතයේ, තම රටේ, නිකායේ සහ සභාවේ අභියෝග වලට අභීතව මුහුණ දුන් මේ  එඩිතර, අධිෂ්ඨානපූර්වක, ශුද්ධවන්ත ජේසු නිකායික සුදොතුම් පියතුමා මරණයට වුව ද බිය නොවන බව ඉකුත් දින කිහිපය තුළ පෙනෙන්නට තිබිණි. රෝගය නොතකා එතුමන් ජනතාව මුණගැසෙන්නට පැමිණියේ සිය දිනපතා වැඩකටයුතු වල නිරත වූයේ ඒ නිසාය. 

පාප් තුමකු  විශ්‍රාම ගැනීම  ඉදිරියේ දී සාමාන්‍ය විය හැකි බව මුල් දිනවල එතුමා ප්‍රකාශ කලත් බෙනඩික් පාප්වහන්සේ මෙන් විශ්‍රාම ගැනීමට එතුමන් සූදානම් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. විශ්‍රාම ගැනීමේ අදහසක්වි නොමැති බව එතුමා පසුව ප්‍රකාශ කළේය. විශ්‍රාමික පාප්වහන්සේ නමක් නිල පාප්වහන්සේ නමක් සමග එකට ජීවත් වීමෙන් සිදුවිය හැකි අර්බුදය පසුගිය කාලය තුළ එත්හුම වබෝධ කරගන්නට ඇත. 

ඒ අනුව දේව කැමැත්තට භාර  වීමට එතුමන් තීරණය කල බව පෙනෙන්නට තිබේ. 

   

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය