"සිරස" පුවත වැරැදියි - ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ඉල්ලා අස්වීම ගැන කිසිදු කතාවක් මෙතෙක් සිදු වී නැහැ. "අප මේ මොහොතේ සිතන්නේ ශුද්ධෝත්තම පියතුමා සුව වී පැමිණ යලිත් සිය සේවාව ආරම්භ කිරීම ගැන පමණයි" වතිකාන රාජ්‍ය ලේකම් කියයි
(2025 පෙබරවාරි 23)
බෙහෙවින් රෝගීව සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සම්බන්ධයෙන් පැතිර යන පදනමක් නොමැති කට කතා වතිකානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ප්‍රතික්ෂේප කරති. එවැනි කට කතා වලට නොරැවටෙන ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
වතිකානයට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සම්පූර්ණයෙන් සුවපත් වී සිය නිවහනට පැමිණ වතිකානයේ සේවාව ආරම්භ කිරීම බව වතිකානයේ රාජ්‍ය ලේකම් (අප රටේ අගමැති ධුරයට සමානය) පියෙත්‍රෝ පැරෝලිනී කාදිනල් හිමි ප්‍රකාශ කළේය. එතුමා මේ බව කියා සිටියේ ඉතාලියේ කොරියෙරේ දෙල්ලා සේරා පුවත්පත කල විමසීමකට පිළිතුරු දෙමිනි.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඉල්ලා අස්වීමට සැරසෙන බවට සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැරෝලිනී හිමි සහ තවත් ප්‍රධානියෙකු එතුමන් හමුවීමට රෝහලට ගිය බවට පැතිර ඇති වාර්තා සම්බන්ධයෙන් පුවත් පත සමග කතා කරමින් කාදිනල් හිමි මේ බව කියා සිටියේය.
"මේ සියල්ලම කිසිදු පදනමක් නොමැති අනුමාන පමණයි," එතුමා අවධාරණය කළේය. "මේ මොහොතේ අපේ අවධානය යොමු වී තිබෙන්නේ ශුද්ධෝත්තම පියාණන් ගේ සෞඛ්‍ය තත්ත්වය, එතුමා ඉක්මනින් සුවපත් වීම සහ එතුමන් යළිත් වතිකානය පැමිණීම - ඒ කාරණා පමණයි අපට මේ මොහොතේ වැදගත් වන්නේ..." පැරෝලිනී කාදිනල් හිමි කියා සිටියේ ය.
මේ සම්බන්ධයෙන් (ඉල්ලා අස්වීම ගැන ) පැතිර යන කට කතා ගැන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කාදිනල් හිමි මෙසේ ද කීවේය: "අවංකවම, එවැනි කිසිවක් ගැන මම දන්නෙ නැහැ. ඒ කවරක් වුනත් මම එවැනි දේවලට සහය වෙන්නෙ නැහැ. අනෙක් අතින්, මෙවැනි අවස්ථාවල එවැනි කටකතා පැතිර යාම සාමාන්‍යයි. එවැනි දේ සිදු වී ඇති පළමු වතාව මෙය නොවේ. ඒත් මම හොඳටම දන්නවා එයාකාරයේ කිසිවක් සිදු නොවන බව. මේ දක්වා එවැනි කිසිදු උත්සාහයක් ගැන මට දැනගන්නට ලැබිලා නැහැ." එතුමා අවධාරණය කළේය.
පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීමක් මේ මොහොතේ සිදු වීමට නම්, එවැන්නක් ගැන වතිකානයේ රාජ්‍ය ලේකම් කාදිනල් හිමිපාණන් ගේ දැනුවත් ව සිටිය යුතුය.
එසේම තමා කිසිදු හේතුවකට - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බැලීමට හෝ - එහි නොගිය බව පැරෝලිනි කාදිනල් හිමි සඳහන් කළේය. "එය අවශ්‍ය වන්නේ නැහැ. එතුමාට විවේකය අවශ්‍යයි. ප්‍රතිකාර ක්‍රමවත්ව කිරීම අවශ්‍යයි. මේ නිසා අවශ්‍ය පිරිස එහි සිටියාම ඇති" එතුමා කිවේය.
මේ සම්බන්ධයෙන් කතා කල වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ දෙපාර්තමේන්තුවේ නායක වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් කාදිනල් හිමි කියා සිටියේ ය.
"මේ මොහොතේ පූර්ව-පාප් වරණ දැහැන් තත්වයක් අපට නැහැ. ඒ වගේම අනුප්‍රාප්තිකයකු ගැන අප කතා කරන්නෙත් නැහැ," එතුමා සඳහන් කළේය.
මේ අනුව පාප් වගන්සේ ගේ ඉල්ලා අස්වීමක් ගැන ගැන සිරස ප්‍රවෘත්ති ඔස්සේ කල ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැත.
සබැඳි පුවත් :
Comments
Post a Comment