ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලේ දසවැනි රාත්‍රිය විවේකීව ගත කරයි. ඉරිදා දිව්‍ය පූජාවට එක් වෙයි.

 


(2024 පෙබරවාරි 24)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමයේ ජෙමෙල්ලි රෝහලේ ගත කල දස වැනි රාත්‍රියේ ඉතා හොඳ නින්දක් ලැබූ බව වතිකානය මාධ්‍ය කාර්යාලය කියයි.

"රාත්‍රිය හොඳින් ගත විය. හොඳින් නිදා ගත්  සුදොතුම් පියතුමා විවේකයෙන් පසුවෙයි" එම කාර්යාලය නිකුත් කල අලුත්ම නිවේදනය සඳහන් කරයි.

ශ්වසන ආබාධ ඇතුළු බැක්ටීරියා සහ වෛරස් රෝග කිහිපයකට ප්‍රතිකාර ලබමින් සිටි පාප් වහන්සේගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම වැඩි කිරීම සඳහා එතුමන්ට  රුධිරය ලබා දීමට සිදුවිය.

"ශ්වසන රෝග තත්වය ස්ථාවර තත්වයේ පවතියි. එහෙත් රුධිර පරීක්ෂණ පෙන්නුම් කරන්නේ එතුමා වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවීමේ මෘදු  ප්‍රථම මට්ටමේ සිටින බවයි. එහෙත් එය දැන් පාලනය කොට  තිබේ. නාසික කැනියුල ඔස්සේ ප්‍රබලව ඔක්සිජන් ලබා දීම නොකඩවා සිදුකෙරේ," යයි ජෙමෙල්ලි රෝහල නිකුත් කල වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව ද එම වාර්තාව සඳහන් කරයි. 

ඉරිදා උදෑසන  සුදොතුම් පියතුමා තමන් සිටින කාමරයේ පවත්වන ලද දිව්‍ය පූජාවට සහභාගී විය. ජෙමෙල්ලි රෝහලේ එතුමන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය ද එතුමන් සමග එම පූජාවට සහභාගී වූ බව නිවේදනය කියයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය