Updates: "සුදොතුම් පියතුමා රෝහලේ නිසංසල රාත්‍රියක් ගත කළා" -වතිකානය . "මට දක්වන සෙනෙහසට ස්තුතියි!" පාප් තුමා රෝහලේ සිට කියයි

සුදොතුම් පියතුමන් වෙනුවෙන් යදින්නට ජෙමෙල්ලි රෝහල අබියසට  රැස්වූ ජනතාව 


(2023 පෙබරවාරි 23)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සෙනසුරාදා රාත්‍රිය නිසංසලව ගත කල බව වතිකාන මාධ්‍ය අංශය පෙබරවාරි 23 වැනි දා උදාසන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. සෙනසුරාදා  රාත්‍රිය එතුමන් රෝහලේ ගත කල නව වැනි රාත්‍රියයි. 

ඒ අතරම තව දුරටත් නාසික කැනියුලාවන්  මගින් එතුමාට අවශ්‍ය ප්‍රබල ඔක්සිජන් ධාරාවන්  ලබා දෙන බව ද එම නිවේදනය සඳහන් කරයි. වතිකානය මේ බව නිවේදනය කළේ එතුමා  ප්‍රතිකාර ලබන රෝමයේ ජෙමෙල්ලි රෝහලේ නව වාර්තා උපුටා දක්වමිනි. 

මීට කලින් සෙනසුරාදා හැන්දෑවේ නිකුත් කල නිවේදනය නිසා සමස්ත ලෝකයේ අවධානය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙත යොමු විය. එම නිවේදනයේ සඳහන් වූයේ සුදොතුම් පියතුමා ගේ තත්ත්ව ය "දරුණු අතට හැරී ඇති" බවයි. ඊට හේතුව එතුමන් මෙතෙක් පීඩා විඳින රෝග වලට අමතරව හදසි ඇදුම තත්ත්වයක් ද එතුමන්ට ඇතිවීමයි. 

සිය රෝගී තත්වය ගැන විවෘත  වන ලෙස සහ සත්‍ය වාර්තා ලබා දෙන ලෙස සුදොතුම් පියතුමා වතිකනයට උපදෙස් ලබා දී ඇති බව එහි ප්‍රකාශකයෙක්  කියා සිටියේය. මේ නිසා  විටින විට එතුමන් පිලිබඳ  සත්‍ය වාර්තා ගෙන එන බව හෙතෙම සඳහන්  කළේය.  

මේ නිවේදනය නිකුත් වූ වහාම ලෝකය පුරා කතෝලික ජනතාව පමණක් නොව කතෝලික නොවන රටවල නායකයෝ  ද එතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීමට පටන් ගත්හ. 

එම තොරතුරු මේ සබැඳියාවේ එන ලිපියෙන් කියවන්න : ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ තත්වය දරුණු අතට: ආජන්ටිනාවේ 'කාලකන්නි වතු" ඇතුළු ලොව පුරා ජනතාව පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීමට රොක්වෙති

ඊට අමතරව සුදොතුම් පියතුමා ගේ කලාපය වන ලතින් අමෙර්කාවේ රටවල්, මැක්සිකෝව, එතුමන් ගේ ලබැඳි ආදරයට ලක්ව සිටි දකුණු සූඩානය සහ යුක්රේනය, චීනය යන රටවල ද එතුමන් වෙනුවෙන් යාච්ඥා කරමින් සිටියහ. එමෙන් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කරන ලෙස සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. 

"ස්තුතියි!" රෝහල් ඇඳේ  සිට  පාප් තුමා ලෝකයට කියයි 

මේ අතර ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා සිය රෝහල් යහනේ සිට ඉරිදා උදෑසන  පණිවිඩයක් නිකුත් කරමින් තමන් වෙනුවෙන් යාච්ඥා කිරීම ගැන ලෝකය පුර ජනතාවටත්, විශේෂයෙන් ම දරු දැරියන්ටත්  ස්තුති කරයි. X සමාජ මාධ්‍යයේ  (කලින් ට්විටර්)  සිය Pope Francis @Pontifrx ගිණුම  ඔස්සේ ලෝකය අමතමින් එතුමා මේ උණුසුම් සුබ පැතුම දී තිබේ. 

එහි මෙසේ සඳහන් වේ:

"මෑත කාලයේ දී සෙනෙහසේ පණිවිඩ රාශියක් මට ලැබිණි. ඒ අතරින් ළමයින් මා වෙත එවූ ලියුම් සහ චිත්‍ර තදින් මගේ හද බැඳ ගත්තේ ය. ඔබේ සමීපත්වයට සහ ලොව සියලු ප්‍රදේශ වලින් මට ලැබුණු සැනසිලිවන්ත යැදුම් ගැන ඔබට ස්තුතියි." 



(මේ ගැන ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර වලට නො රැවටෙන්න! "මගේ අවසානය ලංවෙලා" යනුවෙන් හෝ වෙනත් මීට සමීප අදහසක් ඇතිව හෝ එතුමන් කිසිවක් ප්‍රකාශ   කර නැත.) 


 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය