Posts

Showing posts from March, 2025

"සුදොතුම් පියතුමා 28 දා රාත්‍රිය පසු නොකරනු ඇතැයි අපි වගේම එතුමාත් කල්පනා කළා. ප්‍රතිකාර නවත්වනවා ද කියා අපට තීරණයක් ගන්න වුණා." - සුදොතුම් පියතුමා ගේ ප්‍රාතිහාර්යාත්මක සුව වීම ගැන එතුමා ගේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රථම වරට හෙළිකරයි Pope knew he 'might not make it,' his physician says. "We considered stopping treatment."

Image
(2025 මාර්තු 25 ) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහල් ගත වී සිටිද්දී පෙබරවාරි 28 දිනය එතුමාගේ රෝගී තත්වයේ දරුණුම දිනය විය.  "එදා ප්‍රථම වතාවට එතුමා වටා සිටි පිරිසගේ නෙත්වල මම කඳුළු දුටුවා." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ වෛද්‍ය කණ්ඩායමේ සම්බන්ධිකාරක වෛද්‍ය  සර්ජියෝ අල්ෆියෙරි පවසයි.  "ප්‍රථම වතාවට එතුමාගේ තත්වය අතිශයින් පිරිහී තිබුණු බව අපි දැක්කා. එතුමා ආපසු නොපැමිණීමේ අනතුරුදායක තත්වයට වැටි ඇති බව අපට මොහොතකට සිතුනා," යි ඔහු පෙන්වා දෙයි. වෛද්‍ය අල්ෆියෙරි මේ බව කියා සිටියේ  ඉතාලියේ  පුවත් පතක් වන Corriere della Sera  සමග කල සම්මුඛ සාකච්ඡාවකදී ය. එම සම්මුඛ සාකච්ඡාව මාර්තු 25 වැනිදා එම පුවත් පතේ පළකර තිබිණි.  ශුද්ධෝත්තම පියතුමා "හදිසි හුදෙකලා ශ්වසන ආශක්තතා තත්වයකට (isolated episode of bronchospasm)  මුහුණ දුන් බව" වතිකාන මාධ්‍ය අංශය නිවේදනය කලේ එදිනය. "මේ හේතුවෙන් එතුමාට කැස්සත් ඔක්කාරයත් ඇති වූ අතර එතුමාට ඒවා ආශ්වාස වූ බව" ද එම වාර්තාවෙන් කියැවින. "එතුමාගේ ශ්වසන මාර්ගය බාධා රහිත කිරීම සඳහා  වහාම ක්ලෝමීය උච්ශ්වසනයට භාජනය කරන ලද අතර අන්තර්ග...

රෝහල් ගතව සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රථම වතාවට ජනතාව ඉදිරියට එයි. සුපුරුදු "thumbs-up" සංඥාව දී ජනතාව ආසිරි ගන්වයි. රෝහලෙන් නික්ම සාන්ත මාර්තා ගෙදරට යයි. (Vedio)

Image
Pope Francis appears in public for the first time after long hospitalization. Returns to Vatican through the Basilica of Maria Magiore (Vedio) (2025 මාර්තු 23) ශ්වසන සංකුලතා හේතුවෙන් දින 38ක් රෝහල් ගත වී සිටි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා අද (මාර්තු 23 ඉරිදා) ප්‍රථම වරට රෝහල් බැල්කනියට පැමිණ ජනතාව ගේ ආචාර පිළිගෙන ජතාවට ආශීර්වාද කළේය.  එතුමා අද මෙසේ ජනතාව හමුවට එන   බව ඊට කලින් රෝහල විසින් දැනුම් දී තිබිණි. මේ  අනුව දහවල් 12 වන විට සුදොතුම් පියතුමන් තමන් ප්‍රතිකාර ලබන රෝමයේ ජෙමෙල්ලි රෝහලේ  පස්වැනි මහලේ  බැල්කනියට පැමිණෙන බව වතිකාන මාධ්‍ය අංශය නිවේදනය කර  තිබිණි. මේ අනුව සාමාන්‍යයෙන් ඉරිදා  දහවල් දොළහට තුන්කාල ආරාධනා මරිය දැහැන සඳහා  වතිකාන අපෝස්තලික මාලිගයේ බැල්කනියට පැමිණෙන සුදොතුම් පියතුමන් දින 38ක දීර්ඝ කාලයකින්  පසුව දැකගෙන එතුමන්ට ඉක්මන් සුව ප්‍රර්ථනා කිරීමට පැමිණි රෝමයේ, සමස්ත  ඉතාලියේ මෙන්ම ලෝකයේ විවධ රටවලින් පැමිණි ජනතාවගෙන් ජෙමෙල්ලි රෝහල් පරිශ්‍රය පිරි  ගොස් තිබිණි. ඔවුහු බොහෝ වෙලාවක් එතුමා පැමිනෙන් තෙක් නොඉවසිල්ලෙන් ස...

💌 To #PopeFrancis with love! ❤️🙏🏽 ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් පදවියේ ජනතාවගෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට යැදුම් වීඩියෝ කළඹක් (Vedio) - "එතුමන් වෙනුවෙන් යදින්නට රෝමය සමග එක්වෙන්න" එම පදවියෙන් ලෝක කතෝලික ජනතාවට ඇරැයුම්

Image
 Holy Father prayed for Los Angeles, and now, they are praying for his recovery (2025 මාර්තු 07) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශය පුරා ලැව් ගිනි පැතිර යද්දී ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා එම නගරයේ ජනතාවට සිය සමීප බව ප්‍රකාශ කරමින් පණිවිඩයක් යැව්වේය. "ලොස් ඇන්ජලීස්, මගේ හදවත ඔබ සමගයි" එම පණිවිඩයෙන් එතුමා කියා සිටියේය.  ජනවාරියේ ලැව්එ ගිනි පැතිර යද්දී ම පදවියේ අගරදගුරු හොසේ එච්. ගෝමස් හිමිපාණන් වෙත විදුලි පණිවිඩයක් යැවූ සුදොතුම් පියතුමා ඔවුන් සමග තමන් ආධ්‍යාත්මිකව සමීප වන බව කියා සිටියේය. සිද්ධියෙන් මිය ගිය පිරිස පිළිබඳව සිය "දැඩි ශෝකය" පලකල  එතුමා සහන සේවා සාර්ථක වීම සඳහාත් එම  සේවා සහ හදිසි ආපදා සේවාවල නිරත සියලු කණ්ඩායම් වෙනුවෙන් තමන් යාච්ඥා කරන බව ද පවසා තිබිණි.  දැන්, ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා දැඩි ලෙස රෝගීව රෝමයේ ජෙමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබද්දී ලොස් ඇන්ජලීස් අගරදගුරු පදවියේ කෘතවේදී  කතෝලික ජනතාවගෙන් එතුමන්ට යාච්ඥා වැලක් ගලා එන්නට පටන් ගෙන තිබේ.  රෝහල් ගතව සිටින පාප් වහන්සේ වෙනුවෙන් යදින ලෙස ඉල්ලා ගෝමස් අගරදගුරු හිමිපාණන් පදවි වෙබ් අඩවියේ ඉල්ලී...

"මා වෙනුවෙන් යාච්ඥා කරන ඔබට ස්තුතියි!" - ශුද්ධෝත්තම පියතුමා රෝහලේ සිට සිය ප්‍රථම හඬ පණිවිඩය එවමින් කියයි (Vedio) - මේ අතර මරණය වෙනුවෙන් යදින ට්‍රම්ප්වාදී 'පූජකවරු'

Image
(2025 මාර්තු 6) ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ජෙමෙල්ලි රෝහලේ සිට එවන ලද පටිගත කරන ලද හඬ පණිවිඩයක් මගින් තමන් වෙනුවෙන් යාච්ඥා කරන සහ සුවය සඳහා සුබ පැතුම් පතන සියල්ලනට ස්තුති කරයි.  රෝහලේ  දී පටිගත කරන ලද මේ කෙටි  හඬ පටය මාර්තු 6 වැනිදා රාත්‍රී සාන්ත පීතර බැසිලිකා චතුරශයේ දී පවත්වන ලද ජපමාල යැදුම   අවස්ථාවේදී ජනතාවට ඇසෙන්නට සලස්වන ලදී.  එම හඬ පටයෙන් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සිය මව් බස වන ස්පාඥ්ඥ බසින් ජනතාව අමතමින් මෙසේ කියයි: " චතුරශ්‍රයේ සිට සහ ලොව විවිධ ප්‍රදේශ වල සිට මා වෙනුවෙන් යාච්ඥා කරන ඔබට මම මගේ හද පත්ලෙන්ම ස්තුති කරනවා. මම මෙහි සිට ඔබ කැටුව  යමි. දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා ! කන්‍ය මරියා මාතාවෝ ඔබ ආරක්ෂා කරත්වා! ස්තුතියි ." ( වතිකාන මීඩියා සහ රොයිටර් පුවත් සේවයෙන් උපුටාගෙන පිලිපීනයේ ABS-CBN නාලිකාවේ ප්‍රචාරය වූ පුවතිනි .) ශුද්ධෝත්තම පියතුමා ගේ හඬ බැරෑඬි වී තිබුණු බව පැහැදිලි වූ අතර එතුමා අමාරුවෙන් හුස්ම ගන්න බව ද පැහැදිලි විය. මෙය බ්‍රහස්පතින්දා පටිගත කල බව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය.  "අප මෙහි එකතු  වී සිටි...

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තත්වය ස්ථාවරයි. යාන්ත්‍රික ශ්වසන සහය ඉවත් කෙරේ රෝම වැසියන් එතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීම දිගටම

Image
ඉරිදා ජපමාල යැදුමට සාන්ත පීතර චතුරශ්‍රයට එක් වූ ජනතාවගෙන් කොටසක්  ( 2025 මාර්තු 2) ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගේ තත්ත්වය ස්ථාවර වී ඇතැයි වතිකාන මාධ්‍ය කාර්යාලය ඉරිදා සවස නිකුත් කළ නිවේදනය ප්‍රකාශ කරයි.  රෝමයේ ජෙමෙල්ලි රෝහලේ වාර්තා උපුටා දක්වමින් නිකුත් කෙරුණු එම නිවේදනය මෙසේය: " ශුද්ධෝත්තම පියාණන් ගේ සායනික තත්ත්වය අදත් ස්ථාවරව පැවැතින. පාප්වහන්සේට තවදුරටත් අන්ධර්ගත නොවන යාන්ත්‍රික ශ්වසන සහය අවශ්‍ය නොවීය. අතිරේක ඔක්සිජන් සහය පමණක් ලබා දෙන ලදී.  සායනික තත්වයේ සංකීර්ණත්වය හේතුවෙන් රෝග අනාවැකිය තවදුරටත් අවදානම් තත්ත්වයේ පවතියි.  අද (ඉරිදා) ශුද්ධෝත්තම පියතුමා, මේ දිනවල රෝහලේ තමන්ට වෛද්‍ය, හෙද සහ සෙසු රැකබලා ගැනීම් කළ පිරිස සමග ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී විය. ඉන් පසුව එතුමා වරින් වර විවේකිවත්  යාච්ඥා කරමිනුත් කාලය ගත  කළේය ." ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා පෙබරවාරි 14 වන දා සිට ශ්වසන රෝග සංකීර්ණයක් හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර  ලබයි. මේ හේතුවෙන් මේ ඉරිදාත් තුන් වන වතාවටත් ජනතාව සමග තුන්කාල් ආරාධනා මරිය දැහැනට සහභාගී වීමට එතුමාට  නොහැකි විය. ...