"සුදොතුම් පියතුමා 28 දා රාත්‍රිය පසු නොකරනු ඇතැයි අපි වගේම එතුමාත් කල්පනා කළා. ප්‍රතිකාර නවත්වනවා ද කියා අපට තීරණයක් ගන්න වුණා." - සුදොතුම් පියතුමා ගේ ප්‍රාතිහාර්යාත්මක සුව වීම ගැන එතුමා ගේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රථම වරට හෙළිකරයි Pope knew he 'might not make it,' his physician says. "We considered stopping treatment."
(2025 මාර්තු 25 )
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහල් ගත වී සිටිද්දී පෙබරවාරි 28 දිනය එතුමාගේ රෝගී තත්වයේ දරුණුම දිනය විය.
"එදා ප්‍රථම වතාවට එතුමා වටා සිටි පිරිසගේ නෙත්වල මම කඳුළු දුටුවා." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ වෛද්‍ය කණ්ඩායමේ සම්බන්ධිකාරක වෛද්‍ය සර්ජියෝ අල්ෆියෙරි පවසයි.
"ප්‍රථම වතාවට එතුමාගේ තත්වය අතිශයින් පිරිහී තිබුණු බව අපි දැක්කා. එතුමා ආපසු නොපැමිණීමේ අනතුරුදායක තත්වයට වැටි ඇති බව අපට මොහොතකට සිතුනා," යි ඔහු පෙන්වා දෙයි. වෛද්‍ය අල්ෆියෙරි මේ බව කියා සිටියේ ඉතාලියේ පුවත් පතක් වන Corriere della Sera සමග කල සම්මුඛ සාකච්ඡාවකදී ය. එම සම්මුඛ සාකච්ඡාව මාර්තු 25 වැනිදා එම පුවත් පතේ පළකර තිබිණි.
ශුද්ධෝත්තම පියතුමා "හදිසි හුදෙකලා ශ්වසන ආශක්තතා තත්වයකට (isolated episode of bronchospasm) මුහුණ දුන් බව" වතිකාන මාධ්‍ය අංශය නිවේදනය කලේ එදිනය. "මේ හේතුවෙන් එතුමාට කැස්සත් ඔක්කාරයත් ඇති වූ අතර එතුමාට ඒවා ආශ්වාස වූ බව" ද එම වාර්තාවෙන් කියැවින. "එතුමාගේ ශ්වසන මාර්ගය බාධා රහිත කිරීම සඳහා වහාම ක්ලෝමීය උච්ශ්වසනයට භාජනය කරන ලද අතර අන්තර්ගත නොවන යාන්ත්‍රික වාත සම්ප්‍රේෂණයට භාජනය කරන ලද" බවද වතිකානය කියා සිටියේ ය. එතුමා ගේ තතත්වය ඉතා දරුණු වූයේ එදිනයි.
දෙකෙන් එකක් තෝරාගන්න වුනා
"මේ අනුව අපට තෝරාගැනීම් දෙකක් අතරින් එකක් තෝරාගන්නට සිදු වී තිබුණා. එනම් ප්‍රතිකාර නතර කර එතුමාට සාමයෙන් යන්නට ඉඩ හැරීම හෝ අපට හැකි සෑම ප්‍රබල ඖෂධයක් ම සහ චිකිත්සාවක්ම යොදා ගෙන එතුමාට ප්‍රතිකාර කිරීමයි. මේ අතරින් දෙවැනි තෝරාගැනීම කරන්නට තීරණය කළහොත් ඒ ඖෂධ මගින් එතුමාගේ වෙනත් ඉන්ද්‍රියයන්ට හානි වීමේ අනතුරත් තිබුණා" වෛද්‍ය අල්ෆියෙරි එම අන්තරායක තත්වය විස්තර කළේය.
"එහෙත් අවසානයේ දී අප තෝරා ගත්තේ ඒ මාර්ගයයි" ඔහු කීවේය.
"කවුද තීරණය කළේ ?"
"සෑම විටම තීරණ ගත්තේ ශුද්ධෝත්තම පියතුමායි" අල්ෆේරි පිළිතුරු දුන්නේය.
පෞද්ගලික වෛද්‍ය සහයක ගේ උපදේශය
"හැබැයි තමාගේ සෞඛ්‍ය තත්වය ගැන අවශ්‍ය තීරණ ගන්න එතුමා සිය පෞද්ගලික සෞඛ්‍ය සහයකයා වන මැස්සිමිලියානෝ සත්‍රපෙත්තිට බලය පවරා තිබුණා. ඒ අනුව ඔහු ඒ තීරණය ගත්තා" ඔහු සිය පිළිතුරට එකතු කළේය. ස්ත්‍රපෙත්ති ජෙමෙල්ලි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවාව කල හෙද නිලධාරියෙකි. 2002 දී වතිකාන සෞඛ්‍ය සේවාවට එක් වූ ඔහුව පසුව සුදොතුම් පියතුමා සිය පෞද්ගලික වෛද්‍ය සහයක ලෙස පත්කර ගත්තේය.
"හැම දෙයක් ම උත්සාහ කරන්න. අතහරින්න එපා" කියා ස්ත්‍රපෙත්ති තමන්ට උපදෙස් දුන් බව වෛද්‍යවරයා කිවේය. "අපිත් එහෙම තමයි හිතුවේ. ඉතින් අපි ඒක තමයි කලේ. හැම දෙයක්ම කළා. කිසිම කෙනෙක් උත්සාහය අත්හැරියේ නැහැ."
"මේ තත්වය සුදොතුම් පියතුමා දැන සිටියාද ?" පුවත්පත ප්‍රශ්න කළේය.
"අපොයි ඔව්" වෛද්‍යවරයා කිවේය.
කවර තත්වයක දී වුවද සුදොතුම් පියතුමා නිර්වින්දනය නොකළ අතර සමස්ත කාලය පුරා එතුමා ඉතා හොඳ සිහියෙන් සහ අවදිව සිටි බව ඔහු කියා සිටියේය. ඒ අනුව තමාගේ තත්වය ගැන එතුමා ද දැන සිටි බව ඔහු සඳහන් කළේය.
"එතුමා ගේ තත්ත්වය පිරිහුණු විටත් එතුමාට හොඳට සිහිය තිබුනා. ඒ ගැන එතුමා දැන සිටියා. ඒ රාත්‍රිය බිහිසුණු රාත්‍රියක්. මේ රාත්‍රිය තමන්ට පසුකල නොහැකි වනු ඇතැයි කියා අපට වගේම එතුමාටත් සිතුනා. ඔහු ඉතා දැඩි වේදනාවෙන් සිටි බව අප දැක්කා."
"හැබැයි එතුමා අපට එක උපදේශයක් දී තිබුණා. ඒ තමයි සෑම විටම තමන්ගේ තත්වය පිලිබඳ සැබෑව තමන්ට කියන ලෙස. ඒ වගේම සත්‍ය තත්වය ජනතාවට වසන් නොකරන ලෙස" ඔහු සඳහන් කළේය.
ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා "ඒ බිහිසුණු රාත්‍රිය පසු කලේ" කෙසේද?
වෛද්‍යවරුන් කියන හැටියට "මරණයේ අනතුරට" මුහුණ දී සිටි එතුමා ගෙදර එන්නට තරම් සුවය ලැබුවේ කෙස්ද?
මේ ප්‍රශ්නය ගැන සෑම කතෝලිකයකු ම භාවනා කල යුතුය.
වතිකාන කේන්ද්‍රයේ සිට ලෝකයේ ඈත ඈත පර්යන්ත දක්වා එතුමා ගේ සෙනෙහසේ ස්පර්ශය ලැබූ, කෘතවේදී සෑම මිනිසෙක්ම, ගැහැනියක්ම, තරුණයෙක් තරුණියක් ම, කුඩා දරුවෙක්ම එතුමන් වෙනුවෙන් යාච්ඥා කළේය. කතෝලික, කිතුනු, නොකිතුනු හැකි සෑම කෙනෙක්ම ඊට එක්වූහ. ලොව පුරා මහා යැදුම් ජාලයක් ඇති විය. පීඩිත, දුප්පත්, සරණාගත, සංක්‍රමණික, මානව හිමිකම් අහිමි වූ, යුද්ධයෙන් සහ අයුක්තියෙන් පීඩා වින්ද සෑම කෙනෙක් ම මේ යාච්ඥා ජාලයට එක් වී සිටියහ.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙතෙක් කල් ලොව පුරා විහිද වූ මහා මිනිස් ගුණය ප්‍රකට කල අවස්ථාව මෙය විය
Comments
Post a Comment